
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP), රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) සමග එක්වෙමින් පවත්වන ලද, “රාජ්‍ය භාෂා ප්රතිපත්තිය සහ සන්නිවේදන මෙවලම් පිළිබඳ පුහුණුකරන්නන් පුහුණු කිරීමේ වැඩමුළුව” සාර්ථකව නිම විය
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්රතිපත්තිය ක්රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ ශ‍්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් රටේ සංස්කෘතික විවිධත්වය පිළිගැනීම වැඩි කිරීම තුළින් ශ‍්‍රී ලංකාව පුරා සිටින සිංහල සහ දෙමළ කථා කරන කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ දරිද්‍රතාව අවම කිරීම සහ ආර්ථික සහ සමාජීය සමානාත්මතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කරයි. ජාතික භාෂා ව්‍යාපෘතියෙහි (NLP) සාර්ථකත්වය මත ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය ගොඩ නැගේ.
ශ‍්‍රී ලංකා රජය සහ සිවිල් සමාජ සංවිධාන සමඟ එක්ව කටයුතු කරමින් මෙම ව්‍යාපෘතිය පහත සඳහන් දේ ඉටු කරනු ඇත. රජයේ සේවකයන්ගේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂාමය සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම ජාතික සහ පළාත් මට්ටම් වලදී, විශේෂයෙන්ම භාෂා දෙකම භාවිතා වන ප‍්‍රජාවන් තුළ, රාජ්‍ය භාෂා දෙකෙන්ම (සිංහල සහ දෙමළ) රජයේ සේවා සැපයීම සඳහා ප‍්‍රධාන අමාත්‍යාංශ වල ධාරිතාව වැඩිදියුණු කිරීම; භාෂා විවිධත්වය සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්බව වැඩි කිරීම; සහ රාජ්‍ය භාෂාවන්ගෙන් සන්නිවේදනය කිරීම සඳහා පුරවැසියන්ගේ හැකියාව වැඩි කිරීම.
NLEAP යනු සියළු පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිිරීම සඳහා වන ශ‍්‍රී ලංකා රජයේ ඉලක්කයට ප‍්‍රතිචාර දැක්වීම සහ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ එහි අනුබද්ධිත ආයතන සමග රාජ්‍ය භාෂා ප්රතිපත්තිය (OLP) ක‍්‍රියාත්මක කිරීමට සහාය වීම හා එය ශක්තිමත් කිරීම පිණිස සැලසුම් කරන ලද, කැනඩා රජය විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන වසර හතර හමාරක ව්‍යාපෘතියකි. ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) මෙම නියෝජිත ආයතන අතරට අයත් වේ. NLEAP විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) හරහා තෝරාගත් විශ්ව විද්‍යාලවලටද සහාය සපයයි.
මෙම ව්‍යාපෘතිය කළමනාකරණය කිරීමේ හා ක‍්‍රියාත්මක කිරීමේ වගකීම උසුලන කැනේඩියානු ක‍්‍රියාත්මක කිිරීමේ නියෝජිත ආයතනය ලෙස ඇලීනියා ඉන්ටර්නැෂනල් ආයතනය ග්ලෝබල් ඇෆයාස් කැනඩා විසින් තෝරා ගනු ලැබ ඇත.
![]() |
![]() |
![]() |
||
![]() |
කැනේඩියානු රජයේ මුල්‍ය දායකත්වය සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ පරිපාලනය මත ක්‍රියාත්මක ජාතික භාෂා අරමුදල මගින් භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ දෙවැනි භාෂා අධ්‍යනය සදහා සිවිල් සමාජ සංවිධාන රැසකට සහයෝගය ලබා දී ඇත. විවිධ පරාසයක් තුළ පැතිරී මෙකී ක්‍රියාකාරකම් දිවයිනේ සියලු පළාත් හී කාන්තාවන් සහ තරුණ කොටස් ඇතුළු විවිධත්වයෙන් සපිරි ජන සමුහ අතර ක්‍රියාත්මක කර ඇත. විවිධ වියාපෘති හී අන්තර්ගතය සහ ඒවායේ භූගෝලීය පිහිටීම අවබෝධයක් මෙම සිතියම තුළින් ලබා දෙයි. | ![]() |
සේවා සපයන්නන් විසින් ද්විභාෂා සේවාව සක්‍රිය කිරීම පිණිස ජාතික භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ශ්රී ලාංකීය තේ ලෝක ප්‍රසිද්ධ වුව ද, ශ්රී ලාංකීය තේ කර්මාන්තය එහි විදේශ විනිමය…
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) මගින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) සඳහා ස්ත්රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී නායකත්වය සහ කළමනාකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන වැඩමුළුවක් සංවිධානය කරයි….
අධීක්ෂණය, ඇගයීම සහ සාමාන්‍ය ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ජාතික භාෂා අරමුදල පාර්ශවකරුවන්ගේ මාර්ගගත රැස්වීම සහ සාකච්ඡාව කැල්ගරි හි ඇලිනියා අධීක්ෂණ සහ ඇගයීම් විශේෂඥ ගයි ඉන්ස් විසින් මෙහෙයවන ලද අධීක්ෂණ ක්ෂේත්රවල…
යාපනය විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන අංශය වෙත ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ මෙහෙවර චාරිකාව ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය කණ්ඩායම වීනා වර්මා මෙනවිය (ව්‍යාපෘති අධ්යක්ෂ/මානව හිමිකම්, ස්ත්රී පුරුෂ…
ජාතික භාෂා අරමුදල- පාර්ශවකරුවන්ගේ හමුව – සංවර්ධන පහසුකම් සඳහා ශ්රී ලංකා මධ්‍යස්ථානය (SLCDF)| ගාල්ල දිස්ත්‍රික්කය ජාතික භාෂා අරමුදලෙහි පාර්ශවකරුවෙකු වන සංවර්ධන පහසුකම් සඳහා වන ශ‍්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් ජාතික…
ජාතික භාෂා අරමුදලේ ප්‍රතිලාභි අරුතල් සංවිධානය විසින් පළාතේ භාෂා අයිතිවාසිකම් දැනුවත් කිරීම සහ භාෂා ඉගෙනීම ප්රවර්ධනය කිරීම සඳහා අද ඒමගින් කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තා කරනු ලබයි. ‘භාෂාව හරිම…
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් වාර්ෂික වාර්තාකරණය හා නාභි ලක්ෂ්‍යයන් සහ රාජ්‍ය භාෂා ශුරයන් පිළිබඳ තාක්ෂණික හුවමාරු මෙහෙයුම් සඳහා පහසුකම් සපයයි ජාතික භාෂා අංශය හා කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලය…