ශ්‍රී ලංකාව ප්‍රාරම්භක රාජ්‍ය භාෂා දිනය සහ සතිය සමරයි

භාෂාවක වෙනසේ හරය ධාරණය කර ගන්නා සහ රටේ සියලුම ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ ජාතිකත්ව සංස්කෘතික විවිධත්වය පිළිබඳව සංවේදී වූත් විචක්ෂණ වූත් දේශයක් ගොඩනගමු…’

 

ශ්‍රී ලංකා රජය ජූලි මස පළමුවෙනි දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා දිනය වශයෙනුත් එම මාසයේ 01 වෙනි දා 05 වෙනි දා දක්වා වු සතිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා සතිය වශයෙනුත් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහි ප්‍රාරම්භක උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජූලි මස 01 වෙනි දින පැවැත්විය. ශ්‍රී ලංකාව සහ මාලදිවයින මහ කොමසාරිස් ගරු ඩේවිඩ් මැකිනන් මහතා එම උත්සවයේ විශේෂිත ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා, අමාත්‍යංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වී වේලුකුමාර් මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, අමාත්‍යංශ ලේකම් මහනාම මෙනවිය, කොළඹ සහ ප්‍රාදේශීය ජේෂ්ඨ රජයේ නිලධාරීන්, අධ්‍යාපනඥයින්, ආගමික නායකයින්, CSO නියෝජිතයින්, පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගිවී සිටියහ.

දීප ව්‍යාප්ත මට්ටමින් සමරුණු ලැබූ රාජ්‍ය භාෂා දිනයේදී විශේෂිත තේමා යටතේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරුණි. එමඟින් ඉලක්ක කණ්ඩායම් අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියෙහි වැදගත්කම සහ භාෂාවන්හි හරය පිළිබඳව දැනුම්වත්භාවය සහ අවබෝධය ඇතිකිරීම එහි අරමුණ විය.

ජූලි මස 01 වෙනි දින – රාජ්‍ය භාෂා දිනය – ප්‍රාරම්භක උත්සවය – භාෂාව සමග වැඩිම – හදවත් දිනා ගැනීම

ජූලි 02වෙනි දින – රාජ්‍ය භාෂා දිනය – පාසල් දිනය- ද්විභාෂිකත්වය ප්‍රවර්ධනය කිරීම – දේශය ආරක්ෂා කිරීම

ජූලි මස 03 වෙනි දින – රාජ්‍ය භාෂා දිනය – මහජනතාවගේ දිනය –භාෂාව ආලෝකයයි

ජූලි මස 4 වෙනි දින – රාජ්‍ය භාෂා දිනය- තරුණයන්ගේ දිනය –භාෂාවේ පිබිදීම

ගරු අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 05 වෙනි දින කොළඹ 07 හි  පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අවසන් දින වැඩසටහන සමග රාජ්‍ය භාෂා සතිය නිමාවට පත්විය.