භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ භාෂා අධ්‍යයනය සඳහා යෝජනා කැඳවීම

ජාතික භාෂා අරමුදල පරිපාලනය කරනු ලබන්නේ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP)  වන අතර පහත සුදුසුකම් ලත් සිවිල්ස මාජ සංවිධාන විසින් යෝජනා කරන ලද තෝරාගත් ව්‍යාපෘති සඳහා සහාය වේ.

  • ජාතික ඒකාබද්ධතාවය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මත භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම
  • සංස්කෘතික විවිධත්වය ජාතික ශක්තියක් ලෙස පිළිගැනීම හා අගය කිරීම පෝෂණය කිරීම
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ රාජ්‍ය භාෂාවලින් සන්නිවේදනය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP),  ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සමග නිසි පරිදි ලියාපදිංචි වී ඇති සුදුසුකම් ලත් රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීමය සංගම්, ප්‍රජා මූලික සංවිධාන සහ අධ්‍යයන/පර්යේෂණ ආයතන වලින් සංකල්ප සටහන් සඳහා ඇරයුම් කරයි. වසර එකක් හෝ දෙකක් දක්වා වූ ක්‍රියාත්මක කිරීමේ කාල රාමුවක් සහිත සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ (NLEAP)  අරමුණු වලට ප්‍රතිචාර දක්වන ව්‍යාපෘති මුලපිරීම් සඳහා, ශ්‍රී ලංකා රුපියල් 12,500,000 දක්වා අරමුදල් ප්‍රමාණයකට අයදුම් කළ හැකිය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම (GEWE) යනු NLEAP යටතේ ව්‍යාපෘති කටයුතුවල අනිවාර්ය අංගයකි. GEWE ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන සංවිධානවලට අයැදුම් කිරීමට අපි උනන්දු කරමු. 

Spread the love