NLEAP  කණ්ඩායම නැගෙනහිර පළාතේ ක්ෂේත්‍ර සංචාරයක ‌‌යෙදෙයි

NLEAP කණ්ඩායම, නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා සහ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා හමු වේ. 

සිදු කෙරෙමින් පවතින NLEAP  ක්‍රියාකාරකම් පිලිබඳව දැනුවත් කිරීම සඳහා  NLEAP  කණ්ඩායම නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වන ඩී. එම් සරත් අබේගුණවර්ධන මහතා, මඩකලපුව දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර මහතා, අතිරේක දිසාපති කේ. අරුන්දවරාජා මහතා සහ සහකාර දිසාපති එන්. ප්‍රදීපන් මහතා හමු විය.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පරිවර්තනය පිලිබඳ වසර 4 ක  විශේෂ කලා උපාධි පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා කර සැලසුම් සකස් කිරීම පිණිස නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එෆ්. සි. රගෙල් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගරු ඔගස්ටින් නවරත්නම් පියනම සමඟ හමුවක් පවත්වන ලදී.