02 වන කොටස -රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග

 

රාජ්‍ය භාෂා විෂයයෙහි වගකීම් දරන අමාත්‍යාංශය අදාල ආයතන සමඟ සමීපව කටයුතු කිරීමෙන් ( රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ භාෂා කොමිසන් සභාව, ජාතික භාෂා සහ පුහුණු ආයතනය) රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග තුළින් රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ වෙත සහාය දෙනු ලබයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතන සතු වුවද තෝරාගත් පළාත්වල තිබෙන සමහර රේඛීය අමාත්‍යාංශ සහ ආයතනවලට කෙටි කාල පරාසයක් සඳහා ද්විභාෂාවෙන් කටයුතු කිරීමට උපදෙස් දෙනු ලැබේ. සෙසු අමාත්‍යංශ වලට සහ ආයතන වලට මෙම ක්‍රියාවලිය පූර්වාදර්ශයක් වනු ඇත.

  • රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය. (රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය)
  • අධිකරණ අමාත්‍යංශය ( තෝරාගත්ස මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ මෙන්ම මහාධිකරණ)
  • පළාත් පාලන, අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය. ( තෝරාගත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, පළාත් සභා සහ පළාත් පාලන ආයතන)
  • නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය. ( ශ්‍රී ලංකා පොලිසිය)
  • අධ්‍යාපන අමාත්‍යංශය.

තෝරාගත් මෙම අමාත්‍යාංශ සහ ආයතන වලට අදාළව කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාල වලට අමතරව දිවි භාෂා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටා තිබෙන පළාත් වල ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල හඳුනාගැනේ. පළාත් අනුව උතුර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ග පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ. මෙම පළාත්වල ජන හා සංඛ්‍යා ලේඛන, ජාතික සමගියට එහි අදාලත්වය සහ රාජ්‍ය භාෂා ද්විත්වය තුළින් අඛණ්ඩව රාජ්‍ය සේවය ලබාදීමට ඇති හැකියාව ආදීය පදනම් කරගනිමින් හඳුනා ගැනීම සිදු කෙරේ.

03 වන කොටස – රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික උපාංග

 

හිලෙයර් ලෙමොයින්

භාෂා ප්‍රතිපත්ති උපදේශක /NLEAP විශේෂ උපදේශක/

භාෂා ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර සබදතා,

රාජ්‍ය භාෂා සහ ද්විභාෂා ආයතනය (OLBI),

ඔටාවා විශ්ව විද්‍යලය

 

 

 

 

Spread the love