ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම්

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය අමාත්‍යාංශය වෙනුවෙන් සංවේදීකරණ වැඩ මුළුවක් සංවිධානය කරයි.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය  අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය වෙනුවෙන් සංවිධානය කළ වැඩ මුළුවක් වූ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම් වැඩ මුළුව ජූලි 22 වැනි දින කොළඹ දී පැවැත්විණි.  සාමා රාජාකරුණා ( ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව පිළිබඳ විශේෂඥ- ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය) සහ ඉන්දික දයාරත්න ( උපදේශක) විසින් පහසුකම් සලසනු ලැබූ මෙම වැඩ මුළුවෙහි ප්‍රධාන අරමුණු වූයේ භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සංකල්පමය අවබෝධය වැඩි කිරීම හා භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කළ හැකි මාර්ග විමසා බැලීමයි.

වැඩ මුළුවෙන් ආවරණය වූ ප්‍රධාන ක්ෂේත්‍ර වූයේ⁚

  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව වෙනස් ආකාරයෙන් සැලකීම, ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ සංකල්පමය අවබෝධය වැඩි කිරීම
  • ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම් අතර සම්බන්ධතා පැහැදිලි කිරීම
  • භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තර්කානු කූල පදනම විමසා බැලීම

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ, මධ්‍යම මට්ටමේ කළමනාකාරිත්වය, ලිපිකරු හා සහාය කාර්ය මණ්ඩලය සහභාගි වූ මෙම වැඩ මුළු සැසි, අමාත්‍යාංශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය කෙරෙහි සංවේදී උපායමාර්ග වැඩිදියුණු කිරීම කෙරෙහි බලපාන ප්‍රධාන අංශ පිළිබඳව සාකච්ඡාව හා නිරත වීම පොලඹවන අන්තර්ක්‍රියාකාරී මෙන්ම බොහෝ තොරතුරු පිළිබඳ දැනුවත් කළ ඒවා විය. මෙම සංවේදීකරණ වැඩ සටහනේදී සිය ඉගෙනුම් අත්දැකීම පිළිබඳව අදහස් පල කරමින් අමාත්‍යාංශ නියෝජිතයන් පැවසුවේ, “මෙවැනි වැඩ මුළු අඛණ්ඩව පැවැත්විය හැකි නම් අපි එය බෙහෙවින් අගය කරන්නෙමු” යනුවෙනි. භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව ඉගෙනීමේදී සහභාගිවන්නන් පෙන්නුම් කළ උද්‍යෝගය පහසුකම් සැලසූවන්ට ඉමහත් දිරිගැන්වීමක් විය.

කැනඩා රජය විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන ද්විපාර්ශ්වක ව්‍යාපෘතියක් වන ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, රජයේ සේවකයන්ගේ  ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීමට සහ ජාතික හා පළාත් මට්ටම් වලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී ආකාරයෙන් රාජ්‍ය භාෂා (සිංහල සහ දෙමළ) දෙකෙන්ම රජයේ සේවා ලබා දීම සඳහා ප්‍රධාන අමාත්‍යාංශ වල ධාරිතා වර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය සහ සිවිල් සමාජ සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කරයි.

මිනිසුන්ට සිය ජීවිත වැඩි දියුණු කර ගැනීම පිණිස උපකාරී වන තාක්ෂණික සහ කළමනාකරණ විශේෂඥභාවය සපයන ගෝලීය ජාත්‍යන්තර සංවර්ධන උපදේශක මණ්ඩලයක් වන ඇලීනියා ඉන්ටනැෂනල් ( කලින් ඇග්‍රිටීම් කැනඩා) විසින් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. රජයේ සේවා සඵලදායක ලෙස සැපයීමට බාධා ඇති කරවන භාෂාමය නොවන සන්නිවේදන බාධක වලට විසඳුම් සැපයීම පිණිස ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී උපාය මාර්ග සැකසීම උදෙසා තෝරාගත් ප්‍රධාන අමාත්‍යාංශ මෙන්ම පළාත් සහ පළාත් පාලන ආයතන වෙත තාක්ෂණික සහාය සපයනු වස් මෙබඳු සංවේදීකරණ වැඩ මුළු මෙහෙයවීම ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘති බලපැවරුම සම්පූර්ණ ලෙස ඉටු කිරීමට අවශ්‍ය කොටසක් වේ.

Spread the love