“විශ්වවිද්‍යාල හතරක භාෂා පර්වර්තන අංශ GEWE පිළිබද සාර්ථක කතිකාවක”

කැලණිය, යාපනය, නැගෙනහිර සහ සබරගමුව විශ්වවිද්‍යාල සමග “ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව,  කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම්” පිළිබඳ NLEAP වැඩමුළුව

කැලණිය, යාපනය, නැගෙනහිර සහ සබරගමුව විශ්වවිද්‍යාල වල භාෂා පරිවර්තන අංශ සඳහා, “ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව,  කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම්” යන තේමාව යටතේ NLEAP වැඩමුළුවක් පැවැත්විණ.  ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව පිළිබඳ විශේෂඥ සාමා රාජකරුණා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව පිළිබඳ උපදේශක රමණී ජයසුන්දර  මෙම වැඩමුළුව පවත්වන ලදී.   ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම (GEWE) ආශ්‍රිත සංකල්ප නැවත ආවර්ජනය  කරමින් වැඩමුළුව ආරම්භ විය.  GEWE සහ භාෂා අයිතිවාසිකම් අතර සබඳතා විමසා බැලීමට ද ඉන් මග පෑදුණි.  අනතුරුව පැවැති අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහිත සැසි තුළින් සහභාගිවන්නන් අතර මනා කතිකාවතක් ගොඩනැගුණි.  ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාවයේ  වැදගත්කම  සහ එය   රැකියාවේ  විෂයපථය සහ ක්‍රියාකාරකම් සඳහා  වඩාත් යහපත් ලෙස යොදා ගත හැක්කේ  කෙසේද යන කාරණා පිළිබඳව මෙහිදී  සාකච්ඡා කරන ලදී.

2019 වර්ෂයේ දී NLEAP සිදු කළ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් විශ්ලේෂණයෙන් අනාවරණය වූ, ‘විශ්වවිද්‍යාල……… ස්ත්‍රී පුරුෂ භාවය සහ කාන්තා සමානාත්මතාව වෙත කැපවීමක්’ පිළිබඳ සොයාගැනීම් මේ තුළින් තවදුරටත් තහවුරු විය. මෙම  ධනාත්මක කැපවීම  විවිධ විශ්වවිද්‍යාලවල ඇති ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ කේන්ද්‍රයන් දායක වී තිබේ. මෙකී විශ්ලේෂණය තුළින්  ‘පාඨමාලා අන්තර්ගතය හෝ ඉගැන්වීම සම්බන්ධයෙන් ගත් කළ මෙකී පරිවර්තන පාඨමාලා වෙත ඒවායෙහි සෘජු සබඳතාවක්’ නොමැති බව අවධාරණය කර තිබිණි.  එබැවින්, වැඩමුළුව සකසන ලද්දේ, ‘භාෂා අයිතිවාසිකම් වෙත, ස්ත්‍රී පුරුෂ භාවය සහ කාන්තා සමානාත්මතාවට ඇති සබඳතාව’ ප්‍රායෝගිකව අවබෝධ කරගැනීමට සහ ඒකාකාර සංකල්පයක් අවශ්‍ය බවට වන දැනීම වෙත ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් මෙන්ම, භාෂා අංශයන් විසින් සිය කාර්යයන් වෙතට, ස්ත්‍රී පුරුෂ භාවය සහ කාන්තා සමානාත්මතාව පිළිබඳ ප්‍රවේශයක් එක් කරගන්නේ කෙසේද යන කාරණය ගැන තම අදහස් භාෂා අංශයන් වෙත ලබාදීම පදනම්  කරගෙනය.

සහභාගි කරවාගැනීමේදී පුහුණුකරන්නන් ගනු ලැබූ ඉතාමත් ප්‍රායෝගික ප්‍රවේශය, සහභාගිවන්නන් අතර මනා සාකච්ඡාවක් ආරම්භ කිරීමට තුඩු දුණි.  එහිදී සාකච්ඡාවට බඳුන් වුණේ, භාෂා අයිතිවාසිකම් තුළ GEWE වෙත අනුබල දීම, තම තමන්ගේ අංශයන් හි ප්‍රතිපත්ති සම්පාදනයට කෙසේ බලපානු ඇති ද යන්න සහ පරිවර්තන උපාධි අධ්‍යයන පරිපාටියට හා පාඨමාලාවන්ට ඉන් ලැබෙන පිටුවහල කෙසේ වේ ද යන්නයි.  සහභාගිවන්නන්ට GEWE විවේචනාත්මකව ඇගයුමට ඉඩ සැලසුවේ, තම තමන්ගේ විශ්වවිද්‍යාල වල ඒ සම්බන්ධයෙන් ඇති අඩුපාඩු හඳුනාගැනීමේ හැකියාව ලබාදීමටයි.  එයින් අදහස් කළේ, ඒ ඒ විශ්වවිද්‍යාලයට අදාළව ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ භාෂා අයිතිවාසිකම් වැඩිදියුණු කෙරෙන ක්‍රියාමාර්ගයන් තම තමන් විසින්ම සැලසුම් කිරීමේ හැකියාව ලබාදීමයි.  GEWE වැඩිදියුණු කිරීමෙහි ලා NLEAP හා එක්ව සිදුකරන කටයුතු වලට තම තමන් එක් කරගත යුතු ක්‍රියාකාරකම් මොනවාදැයි හඳුනාගන්නට විශ්වවිද්‍යාල කණ්ඩායම් වලට මෙකී අදහස් හුවමාරු කරගැනීමේ සැසි උපකාරී විය.  එහි ප්‍රතිපලයක් වශයෙන්, 2021 දී දැකගැනීමට හැකිවනු ඇති ඉදිරි ක්‍රියාකාරකම් සිත්ගන්නාසුලුය.  ඒවා අතර; ප්‍රායෝගික කටයුතු, පාඨමාලා ඒකක, සීමාවාසික පුහුණු, සම්මන්ත්‍රණ, පර්යේෂණ හරහා GEWE ඇතුළත් කෙරෙන පරිදි විෂය නිර්දේශයන් හි වෙනස්කම් ඇති කිරීම;  සිංහල සහ දමිළ භාෂා GEWE වචනාවලි තව තවත් දියුණු කිරීම; බඳවා ගැනීම් වලදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීම පිණිස විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති නැවත විමසා බැලීම; සහ GEWE වෙත අනුබල දීමේ දී වඩාත් වැදගත් වන ආකල්පමය වෙනස්කම් වලට ඉඩ සලසන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනික දේහයන් / කාන්තා සංවිධාන / උපදේශන මධ්‍යස්ථාන සමග එක්ව කටයුතු කිරීම ද වේ.

ඒ අනුව, භාෂා අයිතිවාසිකම් සම්බන්ධයෙන් GEWE හි භූමිකාව වටහා ගැනීමේ අවස්ථාව මෙන්ම, GEWE වෙත අනුබල දීම උදෙසා තම තමන්ට හැකි උපරිමයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාදැයි විමසා බැලීමේ අවස්ථාව ද ඒ ඒ විශ්වවිද්‍යාල වෙත මෙම වැඩමුළුවෙන් ලබා දුන්නේය.