දෙවන භාෂා පුහුණුව ලබාදීම සහ කළමනාකරණය වෙත සහයදීමේ ක්‍රමෝපාය

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) ට NLEAP විසින් උපදේශන වැඩමුළු පැවැත්වීම

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) විසින් මෙහෙයවන ලද දෙවන භාෂා පුහුණුව ලබාදීම සහ කළමනාකරණය වෙත සහයදීමේ ක්‍රමෝපායයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් NILET නිලධාරීන් සඳහා NLEAP විසින් මෑතක දී උපදේශන වැඩමුළුවක් සංවිධානය කරන ලදී.   සිංහල, දමිළ සහ ඉංග්‍රිසි භාෂා පිළිබඳ ගුණාත්මක පුහුණුව ලබාදීමේ බලය හිමි NILET හට, රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා ඉගෙනීමේ සහ පුහුණු ආයතනය වශයෙන් පිළිගැනීමට ලක්වීමේ හැකියාව, එකී ක්‍රමෝපාය හරහා හිමිවනු ඇත.  මධ්‍යම සහ පළාත්බද ස්ථාන වල දැනට පවත්නා පුහුණු මධ්‍යස්ථාන හරහා දෙවන භාෂා පුහුණුව මෙන්ම භාෂා සමාජ වැනි නම්කරන ලද වෙනත් පහසුකම් ද සැපයීමේදී කාන්තා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයට ඇති බාධා අවම කිරීමට ද NILET විසින් පියවර ගනු ඇත.

Spread the love