ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ දී පවත්වන ලද වැඩමුළුව

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු (DOL) කාර්ය මණ්ඩලය උදෙසා මෑතකදී ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව, කාන්තාවන් සවිබල ගැන්වීම සහ භාෂා අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.  2021 මාර්තු 29 වැනි දින මැන්ඩරීනා හෝටලයේ දී පවත්වන ලද මෙම වැඩමුළුවෙහි අරමුණ වූයේ, භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම (GEWE) පිළිබඳව DOL කාර්ය මණ්ඩලයෙහි සංකල්පමය අවබෝධය වැඩිකිරීම සහ භාෂා අයිතිවාසිකම් තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම (GEWE) ප්‍රවර්ධනය කළ හැකි මාර්ග ඔවුන් සමග එක්ව විමසා බැලීමත් ය.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) හි අධ්‍යක්ෂ ඩොන් බ්‍රොනෙල් මහතා සහ භාෂා ප්‍රතිපත්ති සහ ඉගැන්වීමේ විශේෂඥ/NLEAP නියාස් රස්කින් මහතා විසින් සහභාගිවූවන් සාදරයෙන් පිළිගෙන මෙම වැඩමුළුවෙහි අරමුණ පැහැදිලි කළේය.  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ (DOL) කොමසාරිස්, සනෝජි පෙරේරා මෙනෙවිය සිය සමාරම්භක කථාවේ දී පෙන්වා දුන්නේ, ස්ත්‍රී-පුරුෂ සමාජභාව සංවේදී ද්විභාෂා සේවා ප්‍රවර්ධනයෙහි ලා මෙම වැඩමුළුවෙන් ලබාගන්නා අවබෝධය කෙතරම් දුරට වැදගත් වනු ඇති ද යන වගයි.

වැඩමුළුව මෙහෙයවන ලද්දේ ස්ත්‍රී-පුරුෂ සමාජභාව සමානාත්මතාව පිළිබඳ විශේෂඥ /NLEAP සාමා රාජකරුණා මෙනෙවිය සහ උපදේශක/NLEAP ඉන්දික දයාරත්න මහතා විසිනි.  අන්‍යෝන්‍යව හා සාමුහිකව කටයුතු කිරීම පදනම් කරගෙන පැවති මෙම වැඩමුළුවට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු කාර්යමණ්ලයෙහි විසිහත් දෙනාම සහභාගි වූයේ ඉතාමත් උද්යෝගයෙනි.

Spread the love