NLF සාර්ථකත්වයට ඔප දක්වන උදාහරණ | සාමදාන/ම | වරකට එක සංඥා පුවරුවක වෙනසක් ඇති කිරීම

සාමදාන/ම “ බාධක බිඳීම – සබඳතා ගොඩ නැගීම” වැඩමුළුව භාෂා රණශූරයෙකු අභිප්‍රේරණය කරයි.

සාමදාන/ම ’ විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘බාධක බිඳීම – සබඳතා ගොඩ නැගීම’ ව්‍යාපෘතිය සුළු ප්‍රජාවන්ගේ භාෂා අයිතීන් ආරක්ෂා කරමින් සංහිඳියාව ගොඩ නැංවීම සඳහා ක්‍රියා කරයි.  ද්වි-භාෂා සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඇති බාධා වලින් ප්‍රධාන එකක් ලෙස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය  පිළිබඳ  අඩු දැනුවත්භාවය ගැනීමෙන් මෙම ව්‍යාපෘතිය, මධ්‍යම, උතුරු මැද හා දකුණු පළාත්වල රාජ්‍ය භාෂා පිළිබඳ දැනුවත්බව ප්‍රවර්ධනය කිරීමට සහ භාෂා අයිතීන් සඳහා ගරුත්වය වර්ධනය කිරීමට කටයුතු  කරනු ලැබේ.

කේ.සදීෂ් කුමාර් හේවාහැට හෝප් වතුයායේ පවත්වනු ලැබූ එවැනි එක් භාෂා අයිතීන් වැඩමුළුවකට සහභාගී වූවෙකි.  මෙම වැඩමුළුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත කර ඇති පරිදි සදීෂ්ට ඔහුගේ භාෂා අයිතීන් හඳුනා ගැනීමට  උපකාර  වී ඇත. සන්නිවේදනයට මෙන්ම රාජ්‍ය සේවාද තම මවු බසින් භුක්ති විඳීමට ඔහුට ඇති හැකියාව දැන් ඔහුට ඇති අයිතිය ලෙස දකිමින් ප්‍රජා මට්ටමින් භාෂා ප්‍රතිපත්තිය වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමට සහ අනුබල දීමට ඔහුට ඇති සිවිල් වගකීම ද අවදි විය.දෙමළ භාෂාවේ සංඥා පුවරු වල වැරදි පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ සමස්ත ප්‍රජාව අතර දැනුවත් කිරීම සඳහා ඔහුගේ පෞද්ගලික උත්සාහය ආරම්භ වූයේ ඔහුටද වෙනසක් කළ හැකි බව අවබෝධ කර ගැනීමෙනි. රජයේ ගොඩනැගිලි හා රජයේ බස් රථවල සංඥා නාම පුවරුවල දෙමළ භාෂවෙන් ඇති වැරදි දකින විට සදීෂ් ඒ බව වහාම අදාල රජයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරයි.  දෙමළ ප්‍රජාවේ භාෂා අයිතීන්හි දැනුවත් බව ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමයක් වශයෙන් ඔහු එම වැරදි සහිත සංඥා පුවරුවල ඡායාරූප මුහුණුපොතේ බෙදා ගනී.  ‘සමහර අවස්ථාවල දී අයදුම්පත්‍ර ආකෘති පත්‍ර හා සංඥා පුවරු සිංහල භාෂාවෙන් පමණක් ඇති විට රාජ්‍ය සේවාවන් එම ආයතනවලින් ලබා ගැනීමේ දී මගේ ප්‍රජාව මුහුණ දෙන අභියෝග මම සියැසින් දැක ඇත’ ඔහු ප්‍රකාශ කරයි.  ‘සමහර විට දෙමළ භාෂාවෙන් ඇති අයදුම්පත්‍ර ආකෘති හා සංඥා පුවරු කිසිදු අර්ථයක් නැත.  සමාදාන /ම වැඩමුළුවට සහභාගී වීමෙන් මාගේ ජනතාවගේ භාෂා අයිතීන් සඳහා පෙනී සිටීමට මා හට ද හඬක් ඇති කළ හැකි බව අවබෝධ කර ගත්තෙමි.  එබැවින් මා සාමාජ සාධාරණත්වය සඳහා කුඩා පියවර ගනිමි’.

කොවිඩ් – 19 මගින් ඇති කරන ලද සුවිශේෂී අභියෝගයන් මධ්‍යයේ වුව ද, මහනුවර, නුවර එළිය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල බිම් මට්ටමේ ප්‍රජාව සමග එවැනි දැනුවත් කිරිමේ වැඩමුළු සාමදාන/ම කණ්ඩායම විසින් පවත්වනු ලැබේ.  වඩාත් අන්තර්ක්‍රියාකාරී මෙම සංසදවල කොටසක් වන්නේ  භාෂා අයිතීන්ට අදාලව ප්‍රජා මට්ටමේ හිඩැස් හා අභියෝග හඳුනාගැනීමය.  ප්‍රජාව සමග බුද්ධිකලම්බනයෙන් හඳුනාගත් අභියෝගවලට භාෂාව  තුලින් සහජීවනය සඳහා තිරසර විසඳුම් වෙනුවෙන් ප්‍රජා ක්‍රියාකාරී කණ්ඩායම් 7 ක් ස්ථාපිත කිරීම සාමදාන/ම හි දිගු කාලීන සැලැස්මේ කොටසකි.

Spread the love