සර්වෝදය ශාන්ති සේනා සංසදය | තාරුණ්‍යයේ පරිවර්තනීය බලය භාෂා අයිතීන් සඳහා සම්බන්ධකර ගැනීම

සර්වෝදය විසින් ව්‍යාපෘති දිස්ත්‍රික්ක 5 ක භාෂා යෞවන සමාජ ආරම්භ කරයි 

යෞවනයන් ගෝලීය වෙනසක හා නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටිය යුතුය.  සවිබල ගැන් වූ විට, සංවර්ධනයේ හා සාමයේ නියමුවන් විය හැකිය.  කෙසේ වුවත් ඔවුන් සමාජයේ මායිමේ අතහැර දැමුවහොත්,  අප සියල්ලෝම දුප්පත් වනු ඇත.  සියලුම යෞවනයන්ට ඔවුන්ගේ සමාජයන්හි ජීවිතවලට  පූර්ණ ලෙස සහභාගී වීමට හැකිවන ලෙස සෑම අවස්ථාවක් ම ඇති කිරීමට සහතික වෙමු..”

 — කොෆී අනන්

ජාතික භාෂා අරමුදලේ ප්‍රතිලාභී සර්වෝදය ශාන්ති සේනා සංසදය කළුතර, නුවර එළිය, කෑගල්ල, අම්පාර හා කිලිනොච්චිය යන දිස්ත්‍රක්කවල භාෂා අධ්‍යාපනය හරහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම උදෙසා කටයුතු කරයි.  ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල මූලික අවධානය යොමු වනුයේ එක් රාජ්‍ය භාෂාවකින් පමණක් කතා කිරීමට හැකි පුද්ගලයන්ගේ එදිනෙදා කටයුතුවල දී දෙවන භාෂාවකින් සන්නිවේදනය කිරීමට හැකිවන පරිදි විවිධ ප්‍රජාවන් අතර භාෂා බුද්ධිය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියා කිරීමයි.  ඔවුන්ගේ යෝජිත ක්‍රියාකාරකම් දෙවන භාෂා පුහුණු පාඨමාලා ආරම්භ කිරීම, දෙවන භාෂා ඉගෙනුම් කඳවුරු සංවිධානය කිරීම, දෙවන භාෂා ඉගෙනුම් සංගම් පිහිටුවීම, ජාතික භාෂා ප්‍රදර්ශනයක් සංවිධානය කරමින් සමාජ මාධ්‍ය හරහා භාෂා අයිතීන් පිළිබඳ දැනුවත්භාවය ගොඩනැංවීම වැනි ක්‍රියාකාරකම් පරාසයක විහිදේ.

කොවිඩ් -19 වසංගතය අපගේ ජාතික භාෂා අරමුදල් ප්‍රතිලාභීන් සියල්ලගේම සැලසුම්වලට අභියෝග ගනණාවක් එල්ල කිරීමට හේතු විය.  භාෂා පන්ති ආරම්භ කිරීමට බාධක වලට මුහුණ දෙන විට, භාෂා පන්තිවලට සහභාගීවීමට සිසුන්ගේ විශ්වාසය හා උනන්දුව පිරිහෙන විට සර්වෝදය විසින් වහාම සිසුන්ගේ එම අවදානම හඳුනා ගැනීමට සමත් විය.   සිසු ප්‍රතිලාභීන් පන්ති අතහැර දැමීමේ ඉහළ අගයක් අපේක්ෂා කරන ලදී.  ව්‍යාපෘතියේ සමස්ත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිසුන්ගේ උනන්දුව රඳවා ගැනීම හා සහභාගීවීම සඳහා අභිප්‍රේරණය පවත්වා ගැනීම අනිවාර්ය අංගයක් බවට පත්වූ අතර එය භාෂා යෞවන සමාජ පිහිටුවීම වේගවත් කිරීමට හේතු විය.

භාෂා යෞවන සමාජ මෙහෙයවීම සඳහා සර්වෝදය විසින් ව්‍යාපෘති දිස්ත්‍රික්ක 5න් සිසු නායකත්වය සඳහා හැකියාවන් සහිත සිසුන් වහාම හඳුනාගැනීමට සමත් විය.  ඉන්පසු සර්වෝදය විසින් දිස්ත්‍රික්ක 5 න් භාෂා යෞවන නායකයන් හා දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් එක් රැස් කරමින් සූම් තාක්ෂණය ඔස්සේ අතථ්‍ය රැස්වීම් සංවිධානය කරනු ලැබිණි.  මෙම අතථ්‍ය රැස්වීම් මගින් භාෂා සමාජ නායකයන් සඳහා බුද්ධි කලම්බනය හා එකිනෙකා අතර සංවාද, අදහස් බෙදා ගැනීම, සැලසුම්කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා හා අදහස්  සඳහා සංසදයක් නිර්මාණය කළේය.  එසේම මෙම රැස්වීම් මගින්  සමාජ නායකයින් සඳහා ඔවුන්ගේ අදාල භාෂා යෞවන සමාජවල අනාගත ක්‍රියාකාරකම් සැලසුම් කරමින් ඉදිරියට යාමට පෙළඹවීමක් ද ඇති කළේය.

ඔවුන්ගේ හඬට සවන්දීම හා වටිනාකමක් ලබා දීම නිසා ප්‍රතිලාභීන් ව්‍යාපෘතියට සක්‍රියව සහභාගීවීමට දායක වූවා පමණක් නොව එය ව්‍යාපෘතියේ සමස්ත ඉලක්කය කරා ක්‍රියාශීලිව සම්බන්ධ වීමට හා හිමිකාරිත්වය ලබා ගැනීමට මෙම යෞවනයන් පෙළඹවීමට ද සමත් වී ඇත; “විවිධ ප්‍රජාවන් අතර භාෂා බුද්ධිය වැඩි දියුණු කිරිම, ජාතික සංහිඳියාව සඳහා සාරධර්ම ප්‍රවර්ධනය කිරීම තුලින් අන්තර් – පුද්ගල සබඳතා සංවර්ධනය වේ.”

සර්වෝදයේ කාලීන වැඩසටහන, ප්‍රතිලාභීන්ගේ දෙවන භාෂා ඉගෙනුම සඳහා  අඛණ්ඩ කැමැත්ත  සහතික කළා පමණක් නොව එය භාෂා අයිතීන් ප්‍රවර්ධනය සඳහා සහ දිවයිනේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට සිසුන් තුල ඇති උනන්දුව තව දුරටත් වැඩි කළේය.

Spread the love