
ශ්‍රී ලංකා නෛතික හා ප්‍රතිපත්තිමය රාමුවට සැලකිය යුතු බලපෑමක් සිදු කරන මානව හිමිකම් අධ්‍යයන ආයතනයේ (CSHR) පර්යේෂණ ව්‍යාපෘතියට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සහයෝගය දක්වයි
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් සහාය සලසනු ලබන මානව හිමිකම් අධ්‍යයන ආයතනය, භාෂා අයිතීන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ වැදගත් පර්යේෂණ ආරම්භ කරයි. පර්යේෂණ සඳහා ආරම්භක රැස්වීම 2021 ජූලි මස 8 වැනි දින මානව හිමිකම් අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලදී. මෙම පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ කාන්තා සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය කෙරෙහි භාෂා අයිතීන්, ප්‍රතිපත්ති හා වැඩසටහන්වල බලපෑම සොයා බැලීමට උත්සාහ දරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පර්යේෂණ හස්තය වන මානව හිමිකම් අධ්‍යයන ආයතනයට මානව හිමිකම් අධ්‍යයනය හා පර්යේෂණ සම්බන්ධයෙන් වසර 30 කට වැඩි විශිෂ්ඨත්වයක් ඇත.
මානව හිමිකම් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ හා පර්යේෂණ කමිටුවේ ප්‍රධාන පරීක්ෂක,මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය විසින් ඇගේ පිළිගැනීමේ කථාවේ දී ‘පර්යේෂණයට අදාලව මානව හිමිකම් අධ්‍යයන ආයතනය හා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘති කමිටුව අතර අවශ්‍යතා හා පර්යේෂණ ක්‍රියාවලියේ අපේක්ෂාවන් පැහැදිලි කරගැනීමට’ ආරම්භක රැස්වීම උපකාර වූ බව සඳහන් කළාය. ඇය පෙන්වා දුන් ආකාරයට, මෙම පර්යේෂණය භාෂා අයිතීන්, වැඩසටහන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍ය සංරචකයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය කාන්තා සවිබල ගැන්වීම ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක පියවරකි.
රාජ්‍ය භාෂා කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි නීති විද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය එන් සෙල්වකුමාරන් මහතා, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියෙහි විශේෂිත සන්දර්භය පිළිබඳව ඔහුගේ අගනා අවබෝධය බෙදා ගනිමින්, පර්යේෂණය මගින් අවධානය යොමුකල හැකි අංශ හතරක් පිළිබඳ ඔහුගේ නිර්දේශ ලබා දුන්නේය. රජයේ ව්‍යාප්ති කාර්යාල මගින් සපයනු ලබන සේවාවන්ට ප්‍රතිවිරුද්ධව මධ්‍යස්ථානය මගින් සිදු කරනු ලබන සේවාව මෙන්ම ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල රාජ්‍ය සේවය අතර වෙනස සොයා බලන ලෙස පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටියේය. රැකියා සඳහා කාන්තාවන් වැඩි අවධානයක් යොමු කරන අංශ කෙරෙහි සහ ඇතැම් අංශවල ප්‍රධාන තැනක් ගන්නා අංශ කෙරෙහි ද පර්යේෂන අවධානය යොමුකරන ලෙස නිර්දේශ කළේය. තව ද, කාන්තාවන් මූලිකත්වය දරන කුටුම්භයන්ගේ අනාරක්ෂිත බව සූරාකෑම සඳහා විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදී නොවන භාෂා ප්‍රතිපත්ති භාවිතා කිරීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම සඳහා නිරතවී සිටින බැංකුමය නොවන මූල්‍ය ආයතන කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
භාෂාව සෑම කාන්තාවකගේම හා පිරිමියකුගේ ම මූලික අයිතිවාසිකමක් වශයෙන් ශ්‍රී ලංකාව පිළිගන්නා බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පරිවර්තන අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය එස් කේ කන්නතාස් මහතා විසින් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ජනවාර්ගික බලපෑමෙන් මෙන්ම සාමාජයීය, සංස්කෘතික හා ආර්ථික වශයෙන් ද සිය භාෂා අයිතිය සාක්ෂාත් කර ගැනීමේ දී ‘ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා පිරිමින් විවිධ වූ අත්දැකීම් ලබා ඇත’ යනුවෙන් ඔහු සඳහන් කළේය. භාෂා අයිතීන් ප්‍රවර්ධනය කරන රාජ්‍ය වැඩසටහන්වල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය මූල ප්‍රවාහයේ යෙදවීමට අවශ්‍ය අවධානය හා අවබෝධය නොමැතිකම, ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට සංවේදී නොවන තීරණ ගැනීමේ ප්‍රතිඵලයකි. ආචාර්ය කන්නතාස් සඳහන් කළ පරිදි එය අනෙක් අතට ස්ත්‍රී පුරුෂ සමාජ භාවයට උදාසීන වැඩසටහන් සහ සේවා ලබා දීම දක්වා පහත වැටේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පර්යේෂණ උපදේශක ආචාර්ය රෝස් විජේසේකර මහත්මිය විසින් භාෂා අයිතීන්වල විශේෂිත සන්දර්භය පිළිබඳව, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තා අයිතීන් පිළිබඳ ඇගේ අත්දැකීම් බෙදා ගනිමින්, භාෂාව මගින් චිරස්ථායි කරනු ලබන කාන්තාවන් සවිබල නොගැන්වීම සහ වෙනස් කොට හඳුනා ගැනීමේ සියුම් ආකාර විස්තර කළාය. නීති, ප්‍රතිපත්ති, රෙගුලාසි, මාර්ගෝපදේශ, නියෝගවල මෙන්ම ගෝලීය සන්නිවේදනයේ දී භාවිතා කරනු ලබන උදාසීන භාෂාවේ වෙනස් කොට හඳුනා ගැනීමේ ප්‍රතිඵල මෙන්ම වෙනස්කොට හඳුනා ගැනීමේ භාෂාව පිළිබඳව ද සිහියේ තබා ගන්නා ලෙස පර්යේෂණ කණ්ඩායමෙන් ඉල්ලා සිටියාය.
මානව හිමිකම් අධ්‍යයන ආයතනයේ ව්‍යාපෘති කළමණාකාරිනී, මදුකා පෙරේරා මහත්මිය විසින් පර්යේෂණ ව්‍යාපෘති විස්තර සඳහන් කරන ලද අතර, ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ උපදේශක ආචාර්ය නිශාර ප්‍රනාන්දු මහතා විසින් විශේෂයෙන් ම කොවිඩ් සංචරණ රෙගුලාසි හා සීමා හේතුවෙන් අපේක්ෂිත ක්ෂේත්‍රයේ අභියෝග අවම කිරීම සඳහා, පර්යේෂණ කණ්ඩායම විසින් සලකා බලනු ලබන ක්‍රමවේදය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් විස්තර කළාය. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. තිරුනවුකරසු මහතා විසින් අපේක්ෂිත ප්‍රතිඵල, ප්‍රේක්ෂකයින් හා පර්යේෂණ භාවිතය පිළිබඳව විස්තර කරන ලදී.
කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨාධිපති, ආචාර්ය නිශාන්ත සම්පත් පුංචිහේවා මහතා, ඔහුගේ පිළිගැනීමේ කථාවේ දී ඉදිරියට එන සියලු අභියෝග නොසලකා, මෙම පර්යේෂණ ව්‍යාපෘතිය නිසැකවම ‘භාෂා පර්යේෂණයේ අවබෝධකර ගත් මායිම් නව දිශාවකට තල්ලු කර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය, කාන්තා සවිබල ගැන්වීම හා භාෂා අයිතීන්වල මායිම් පුළුල් කරනු ඇත’ යනුවෙන් අනාගතය විනිවිද දැක්කේය. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඩොන් බ්‍රවුන්වෙල් මහතා සහ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන නිලධාරී විපුල දහනායක මහතා යන දෙදෙනාම මෙම විශිෂ්ඨත්වයේ පර්යේෂණ ව්‍යාපෘතිය කෙරෙහි කැනේඩියානු රජයේ සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වූහ.
එසේම ආසියානු පදනමේ , යුක්තිය හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය රමණි ජයසුන්දර මහත්මිය, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥ සාමා රාජකරුණා මහත්මිය සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, හවුල්කාර ආයතන සහ විශ්ව විද්‍යාලවල නියෝජිතයන් ද සාකච්ඡාවට සහභාගී වූහ.
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ උපදේශක ආචාර්ය නිශාරා ප්‍රනාන්දු මහත්මිය should be corrected as කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ක්‍රමවේදය පිළිබඳ පර්යේෂණ උපදේශක ආචාර්ය නිශාර ප්‍රනාන්දු මහතා
Hi Sumudu, Thank you for pointing this out. Have updated accordingly. NLEAP TEAM