පරිවර්තනය පිළිබඳ මාර්ගගත පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා මග විවර කිරීම

ඔටාවා විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන පරිවර්තන අධ්‍යයන විද්‍යා පුහුණු වැඩසටහනේ දෙවන අදියර මාර්ගගත වේ.

ඔටාවා විශ්ව විද්‍යාලයේ පරිවර්තනය හා භාෂණ විද්‍යාලය මගින් පවත්වන ලද පරිවර්තන අධ්‍යයන විද්‍යා පුහුණු වැඩසටහනේ දෙවන අදියර සැප්තැම්බර් මස 10 වැනි දින ආරම්භ විය.  පරිවර්තන කලා උපාධි පිරිනමන ශ්‍රී ලංකාවේ හවුල් විශ්ව විද්‍යාල හතර නියෝජනය කරන කැළණිය, යාපනය, සබරගමුව හා නැගෙනහිර විශ්ව විද්‍යාලවලින් විද්වතුන් පහලොස් දෙනෙකු(15), 2021 දෙසැම්බර් 17 දින දක්වා දෙසතියකට වරක් පවත්වනු ලබන මාර්ගගත සැසිවලට සහභාගී වනු ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ  දෙමසක් පුරා පවත්වනු ලබන, ඔටාවා විශ්ව විද්‍යාලයේ පරිවර්තනය හා භාෂණ විද්‍යාලයේ අතිරේක මහාචාර්ය, විශ්ව විද්‍යාල මට්ටමින් වෘත්තීය පරිවර්තනය හා භාෂණය පිළිබඳ ඉගැන්වීම සම්බන්ධයෙන්  වසර 45කට වැඩි පළපුරුද්දක් සහිත පරිවර්තන අධ්‍යයනයන් පිළිබඳ ප්‍රවීණයකු වන  මහාචාර්ය මැල්කම් විලියම්ස් විසින් “පරිවර්තනය සඳහා මාර්ගගත මොඩියුලයක් නිර්මාණය කිරීම” පිළිබඳ මෙම පාඨමාලාව සඳහා පහසුකම් සලසනු ලැබේ.  අධ්‍යයන විද්‍යා වැඩසටහනේ මෙම අදියර මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පරිවර්තන පුහුණු වැඩසටහන් ලබා දීමේ දී අවශ්‍ය ඉගෙනුම් හා නිපුණතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලබන අතර එමගින් පරිවර්තන වැඩසටහන්වලට පුළුල් ප්‍රේක්ෂක පිරිසකට ප්‍රවේශවිය හැකි ආකාරයට මග විවර කරනු ඇත.  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග එක්ව සිදුකරනු ලබන මෙම පරිවර්තන අධ්‍යයන විද්‍යා පුහුණු වැඩසටහන, පරිවර්තන උපාධි වැඩසටහන් සඳහා ඉගැන්වීම් ක්‍රමවේදය වැඩි දියුණු කිරීම පිණිස තෝරාගත් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ලබන තාක්ෂණික සහායේ කොටසක් වේ.

Spread the love