
සියළුම පළාත්වලින් සිංහල/දෙමළ දෙවන භාෂා ගුරුවරුන් කණ්ඩායම් බොහෝ ගණනක් පුහුණු පාඨමාලාව සඳහා සහභාගී වෙති.
ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සිංහල හා දෙමළ දෙවන භාෂා ගුරුවරුන් සඳහා පස් දින පුහුණු වැඩසටහන්වල දෙවන වැඩසටහන් මාලාව සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කෙරිණි. සිංහල හා දෙමළ උගන්වන දෙවන භාෂා ගුරුවරුන්ගේ ධාරිතාවන් ඉහළ නැංවීම සඳහා නිර්මාණය කර ඇති මෙම පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ සියළුම පළාත් නියෝජනය කරමින් තවත් ගුරුවරුන් කණ්ඩායම් පහක් සහභාගී වූහ. දෙවන භාෂා ගුරුවරුන් තවත් කණ්ඩායම් සඳහා පුහුණු කිරීම් ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
මාර්ගගතව පැවැත් වූ පුහුණු කිරීම් මගින් දෙවන භාෂා පුහුණු ක්‍රමවේදය, විෂය දැනුම සඳහා මෙම ක්‍රමවේදයන් අදාල කර ගත හැකි හොඳම භාවිතයන්, භාෂාව අත්පත් කර ගැනීම හා ඉගෙනීම සඳහා ක්‍රමවේදය සහ දෙවන භාෂාවේ භාවිතයන් හා භාවිතයට අදාල අංශ යන ක්ෂේත්රයන් මෙම පුහුණුවලින් ආවරණය කරනු ලැබිණි.
මේ දක්වා සිංහල හා දෙමළ දෙවන භාෂා ගුරුවරුන් 278 ක් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ මාර්ගගත ගුරු පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී ඇත. එවැනි පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය රාජ්‍ය නිලධාරීන්ට දෙවන භාෂා ඉගෙනුම සඳහා වැඩි ප්රවේශයන් සහතික කරයි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් සඳහා ගුණාත්මක පුහුණුවක් ලබා දීම පිණිස වගකීම පවරා ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, අප රටේ ද්විභාෂා ස්වාභාවය ප්‍රවර්ධනය සඳහා අනිවාර්ය කාර්යභාරයක් ඉටු කරයි. ආරම්භයේ දී මෙම පුහුණු වැඩසටහන් සංකල්පගත කරනු ලැබුවේ නේවාසික පාඨමාලා වශයෙනි. කොවිඩ් – 19 වසංගතය මගින් ඇති කරනු ලැබූ සිමාවන් තිබිය දීත්, මාර්ගගතව එම පුහුණු ලබා දීමට යොමු වීමෙන්, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, එහි වගකීම ඉටු කිරීම සඳහා ඇති කැපවීම පිළිබිඹු කරයි. විවිධ ජනකොටස්වල පුරවැසියන් සඳහා සේවාවන් වැඩි දියුණු කිරීම පිණිස රජයේ හැකියාව වැඩි දියුණු කිරීමේ දී එමගින් ඉටු කරන තීරණාත්මක කාර්ය භාරය සඳහා සහාය වෙමින්, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සමග ඉතා සමීපව කටයුතු කරනු ඇත.
දෙවන භාෂාව දෙමළ කණිෂ්ඨ කාර්ය මණ්ඩල පුහුණු වැඩමුළුව
මා රජයේ පාසලක දෙවන බස දෙමල විශය උගන්වන කෙනෙක් .නමුත් මගේ පත්වීම එම විශය නොවේ .එනිසා මට මෙවැනි වැඩසටහනකට සහභාගි වන්න අවශ්‍යයි .තොරතුරු ලබා දිය හැකිද
Dear Vidhushani,
Thank you for your interest in the Second Language Classes conducted by NILET. Please mail one of the following NILET officers with your query.
Fasmila Raviraj: ravi.fasmi@gmail.com
Ridma: rnishadinee8822@gmail.com
Best,
NLEAP