NLF සාර්ථක කථා | SLCFD | රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උපකාරයෙන් සංඥා භාෂාවේ බාධක බිඳ දැමීම

ජාතික භාෂා අරමුදලේ හවුල්කාර ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ (SLCFD) ආරම්භක ක්‍රියාකාරකම

ජාතික භාෂා අරමුදලේ හවුල්කාර ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ කාර්යයන් සැබැවින්ම ආශ්වාදයේ උල්පතකි. හවුල්කාරිත්වය ආරම්භයේ සිට ජාතික භාෂා අරමුදල් කණ්ඩායමට සංවේදනය වූයේ ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය විසින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට ප්‍රවේශ වූ සුවිශේෂී ආකාරය යි.  බිහිරි බව බාධාවක් නොව අනන්‍යතාවයක් ආකාරයෙන් දැකීමට සමාජයට උපකාර වීම සඳහා කදිම අවස්ථාවක් ලෙස භාෂා අයිතීන් හා රාජ්‍ය භාෂා ඉගෙනුම ප්‍රවර්ධනය සඳහා ජාතික භාෂා අරමුදල සමග හවුල්වීම සලකනු ලැබිණි.  තව ද මෙම ආලෝකයෙන් දැකීමේ දී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ බිහිරි ප්‍රජාවේ ගැටළු සඳහා විසඳුමක් ලෙස සලකන ලදී.

සිංහල හා දෙමළ රාජ්‍ය භාෂාවන්  මෙන්ම සම්බන්ධීකරණ භාෂාව වන ඉංග්‍රීසි භාෂාව සඳහා සුදුසු සංඥා භාෂාවන් ඇති කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය  විසින් හඳුනා ගන්නා ලදී.  මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකෙන්ම සංඥා භාෂා ශබ්ද කෝෂයකට ප්‍රවේශවිය හැකි ආකාරයට පාරිභාෂික ශබ්ද මාලාවක් සම්පාදනය කරමින් පවතී.  එසේම බිහිරි ප්‍රජාව විසින් සංඥා භාෂාව හරහා රාජ්‍ය භාෂාව භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා ද ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය  කටයුතු කරනු ලැබේ.  එවැනි එක් කටයුත්තක් වනුයේ 1 හා 2 ශ්‍රේණිවල සිංහල පෙළ පොත් සංඥා භාෂාවට පරිවර්තනය කරමින් විඩියෝ නිෂ්පාදනය කිරීම ය.  සෑම වීඩියෝවකට ම දෙමළ පරිවර්තන ඇතුලත් වේ. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය  විසින් බිහිරි ප්‍රජාව අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව සංඥා භාෂාවෙන් වැඩසටහන් පවත්වමින් ක්‍රියාකාරී ලෙස දැනුවත්භාවය ගොඩනංවීමට කටයුතු කරනු ලැබේ.  තවත් වැදගත් අංගයක් නම් බිහිරි වූවන්ගේ භාෂා අයිතීන් පිළිබඳව රාජ්‍ය ආයතන සංවේදීකරණය කිරීමට දරනු ලබන ප්‍රයත්නයයි.  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය භාවිතයේ දී බිහිරි වූවන් විසින් මුහුණ දෙනු ලබන ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය දා පවත්වනු ලැබූ වැඩමුළුවක ප්‍රතිඵලයක් වශයෙන් එම රාජ්‍ය නිලධාරීන් විසින් සංඥා භාෂාවෙන් සන්නිවේදනය කළ හැකි වීම පිළිබඳ පුහුණුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.  ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය  විසින් සංස්ථාපිත සංඥා භාෂා උපකාර ඒකකය මගින් බිහිරි වූ පුද්ගලයන් 500 කට අධික සංඛ්‍යාවකට ඔවුන්ගේ භාෂා සම්බන්ධ අභියෝග හා ගැටළු ජය ගැනීමට හෝ විසඳීමට සහාය වී ඇත.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය  සමග කටයුතු  කිරීමේ දී අපගේ මූලික අයිතිවාසිකමක් වන අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සාක්ෂාත් කර ගැනීමේ දි භාෂාව මගින් ඉටුකරන වැදගත් කාර්යභාරය අපට මතක් කර දෙයි.  රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වෙතට ඔවුන්ගේ අද්විතීය ප්‍රවේශය ද සංඥා භාෂාව ඇතුලු සෑම භාෂාවකට ම ඇති අයිතිය කෙතරම් මූලික ද යන්න පිළිබඳව ද අපට මතක් කර දෙයි.