රාජ්‍ය භාෂාවලින් මහජන සේවාවන් ලබා දීම සඳහා රාජ්‍ය ආයතනවල ධාරිතාවය අඛණ්ඩව ගොඩනැගීම

ජාතික භාෂා අංශය විසින් දිවයින පුරා භාෂා සැලසුම් සමාලෝචන රැස්වීම් මාලාවක් පවත්වයි

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ සත්කාරක දායකත්වය ඇතිව රාජ්‍ය ආයතන මගින්  සංවර්ධනය කරනු  ලැබූ භාෂා සැලසුම් සමාලෝචනය කිරීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය භාෂා අංශය විසින්, 2022 වසරේ පළමු කාර්තුවේ දී දිවයින පුරා වැඩමුළු 6 ක් සංවිධානය කරන ලදී. කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, නුවරඑළිය,මහනුවර, ගාල්ල සහ පුත්තලම යන ප්‍රදේශවල පැවැත් වූ මෙම එක් දින සමාලෝචන සැසි,  2021 වර්ෂයේ අවසන් කාර්තුවේ දී රාජ්‍ය ආයතන 68 ක් සඳහා පවත්වනු ලැබූ භාෂා සැලසුම් සකස් කිරීමේ තාක්ෂණික පුහුණු වැඩමුළු පිළිබඳව කරනු ලැබූ පසුවිපරමකි.

මෙම  තෝරාගත් ආයතනවලට භාෂා අංශයේ නිලධාරීන් සමග ඔවුන්ගේ භාෂා සැලසුම් කෙටුම්පත් බෙදා හදා ගැනීමට මෙන්ම භාෂා සැලසුම් සකස් කිරිමේ දී මුහුණ දීමට සිදු වූ අභියෝග සාකච්ඡා කිරිමට  මෙම සමාලෝචන වේදිකාවක් සපයන ලදී.  භාෂා සැලසුම් සංවර්ධනයේ දී හා ක්‍රියාත්මක කිරීමේ දී ‘ආදර්ශ ආයතන’ ලෙස දිවයින පුරා උප-ජාතික ආයතන සංවර්ධනය කිරීමේ දී භාෂා සැලසුම් පහසුකම් වැඩසටහන තීරණාත්මක  වූ පියවරකි.  මෑත කාලීනව අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපායමාර්ගික රාමුවේ අනිවාර්ය අංගයක් වන්නේ රාජ්‍ය භාෂා දෙකෙන් ම (එනම් සිංහල හා දමිළ භාෂා)  මහජන සේවාවන් ලබා දීම පිණිස ප්‍රධාන රාජ්‍ය ආයතනවල ධාරිතාවය වර්ධනය කිරීම වේ.  මෙම තෝරාගත් ආයතන මගින් ඔවුන්ගේ භාෂා සැලසුම් සංවර්ධනය කිරීමේ දී දක්වන ලද කැපවීම හා මැදිහත්වීම නිසා  ජාතික භාෂා අංශය හා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය තව දුරටත් ධෛර්යමත් වී ඇත.

Spread the love