ජාතික භාෂා අරමුදලේ සාර්ථක කතා| පාම් පදනම | ද්විභාෂා අධ්‍යයනය හා භාෂා අයිතීන් පිළිබඳ දැනුවත් කිරීම හරහා ප්‍රජා ගොඩනැංවීම

පාම් පදනම, දෙවන භාෂා ඉගෙනුම හා වීදි නාට්‍ය හරහා ප්‍රජා ඒකාබද්ධතාවය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරයි

ජාතික භාෂා පදනමේ හවුල්කරුවකු වන පාම් පදනම විසින් මෑතක දී දෙමළ භාෂා පන්තිය අවසන් කිරීම සැමරීම සඳහා 2022 මැයි 26 දින වලපනේ කොස්ගොල්ල ග්‍රාමයේ දී විශේෂ  උත්සවයක් පවත්වන ලදී.  කොස්ගොල්ල ග්‍රාමයේ භාෂා ප්‍රවර්ධන කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය දවසපුරා පැවැත්වුනු අතර ආසන්නව ළමුන්, යෞවනයන් සහ වැඩිහිටියන් ඇතුළුව ප්‍රජාවේ 300 ක් පමණ වූ සාමාජිකයන් සහභාගී වූහ.  දෙමළ භාෂාවෙන් පාඨමාලාව සාර්ථකව නිම වූ සිසුන් 75 දෙනා සාඩම්බරයෙන් සහතිකපත් ලබා ගත්හ.  ඔවුන්ගේ භාෂා පාඨමාලාවේ ප්‍රධාන පැතිකඩක් වන සංස්කෘතික විවිධත්වය සඳහා ගෞරවය හා පිළිගැනීම ඉස්මතු කරමින් සාම්ප්‍රදායික දේශීය ඇඳුම්වලින් සැරසී, ඔවුන්ගේ විවිධ දක්ෂතා දක්වමින් සිංහල හා දෙමළ සංස්කෘතික අංගයන් ඉදිරිපත් කරමින් ඉතා උනන්දුවෙන් තමා උගත් නව භාෂා නිපුණතා එළි දැක්වූහ.  ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු කිරීමේ ආයතනයේ උපදේශකවරුන්ගේ සහාය හා අනුග්‍රහයෙන් දෙවන භාෂා පාඨමාලා පවත්වන ලදී.  සහභාගී වූ සිසුන් විසින් සකස් කරනු ලැබූ සංස්කෘතික හා භාෂා පොත් මගින්  අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් ක්‍රමවේදය දෙමළ භාෂාව හා සංස්කෘතියේ පිළිගැනීම පෝෂණය කිරීම සඳහා උපකාරවන ආකාරය ප්‍රදර්ශනය කරන ලදී.  වලපනේ සහ අඹගමුව සමාජ ඒකාබද්ධතා නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, පොලීස් ස්ථානභාර නිලධාරීන් හා උත්සවයට සහභාගී වූ විශේෂ ආරාධිතයන් යන සියලුම දෙනා ආකල්පමය වෙනසක් ඇති කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙම කුඩා දරුවන් තම ප්‍රජාව තුල ඇති කරන බලපෑම මගින් ආශ්වාදයක් ලැබූහ.  ඒකාබද්ධතාවය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ දී භාෂා ඉගෙනුම මගින් ඉටු කළහැකි  වැදගත් කාර්යභාරයට ඔවුන්ගේ  බලපෑම සාක්ෂි දරයි.  හෘදයාංගම අවංකභාවයෙන් යුතුව එක් ගැමියෙක් “මෙය අපේ ගමේ ඉතිහාසයට ඇත්තටම වැදගත් සිදුවීමක්  ලෙස සඳහන් කළ අතර  අපේ දමිළ සහෝදර සහෝදරවරුන්ට සහ ඔවුන්ගේ සංස්කෘතියට කෙසේ ගෞරව කළ යුතු දැයි යන වැදගත් පාඩම් අපගේ දරුවන් සහ ඔවුන්ගේ දෙවන භාෂා පන්ති තුලින්  අප ඉගෙන ගනු ලැබුවා”.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ භාෂා අයිතීන් පිළිබඳව දැනුවත්බව ගොඩ නැංවීම සඳහා පාම් පදනම විසින් වීදි නාට්‍යයන් ද සංවිධානය කරන ලදී.  අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී මැයි 22, 23 සහ 24 වැනි දිනවල රඟ දැක් වූ සිංහල හා දෙමළ වීදි නාට්‍යවලට 1200 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර ඔවුන් මෙම දැනුවත් කිරීමේ ක්‍රමවේදයෙන් අතිශයින් ම ප්‍රීතිමත් වූහ.  වීදි නාට්‍යවල අන්තර්ක්‍රියාකාරී ස්වරූපය වතු හා ග්‍රාමීය ප්‍රජාවන් හි ඔවුගේ භාෂා අයිතීන් පිළිබඳව කතිකාවන්ට සම්බන්ධ කර ගැනීමේ ඵලදායී ක්‍රමවේදයක් බවට ඔප්පුවෙමින් පවතී.  වතු ප්‍රජාව අතර කිසියම් උල්ලංඝනයක් හඳුනාගැනීමට හා ඔවුන්ගේ භාෂා අයිතීන් වෙනුවෙන් නියෝජනය කිරීමට හා පෙනී සිටීමට ප්‍රජාවක් ලෙස ඔවුන් සන්නද්ධ කිරීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දැක්වීමට කටයුතු කිරීම පාම් පදනමේ කාර්යභාරයේ වැදගත් අංගයකි.

‘මානව ගරුත්වය සඳහා භාෂා අයිතීන් ප්‍රවර්ධනය කිරීම’ යන තේමාව යටතේ කටයුතු කරන පාම් පදනම, නුවර එළිය දිස්ත්‍රික්කයේ වතු අංශයේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙනී සිටීමින් හා ග්‍රාමීය ප්‍රදේශ සහ වතු අංශයේ කාන්තාවන්, පුරුෂයින් හා තරුණ පරපුර ද්විභාෂා සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සක්‍රියව නිරතව වී සිටි.   පාම් පදනම භාෂා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්බව ගොඩනැගීම සහ අවබෝධයක් ඇති කරවීම සඳහා නුවර එළිය  දිස්ත්‍රික්කයේ වලපනේ, නුවර එළිය සහ අඹගමුව යන ප්‍රදේශවල කටයුතු කරමින් සිටී.

Spread the love