ජාතික භාෂා අරමුදලේ සාර්ථක කතා|සර්වෝදය ශාන්ති සේනා සංසදය |භාෂා අධ්‍යාපනය හරහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම

දෙවන භාෂා ඉගෙනුම හරහා සාමය ගොඩනැංවීම හා සංහිඳියාව සඳහා අනාගත පරම්පරාව සන්නද්ධ කිරිම

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ තරුණ  අංශය ජාතික භාෂා අරමුදලේ හවුල්කරුවකු වන සර්වෝදය ශාන්ති සේනා සංසදය (ශාන්ති සේනා – සාම බලකාය) වේ.  පැරණිතම සහ වඩාත් කීර්තිමත් සිවිල් සංවිධානවලින් එකක් වන සර්වෝදය, වසර 65 ක් තිස්සේ ප්‍රජාව ගොඩනැංවීම සඳහා කැප වී සිටී.  1978 වර්ෂයේ දී පිහිටවනු ලැබූ සර්වෝදය ශාන්ති සේනා සංසදය ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි දිවයින පුරා විසිරී ඇති තරුණ   බලකායක් වන අතර රටපුරා තරුණ කව 9800 ක් හරහා සාමය ගොඩනැගීමට හා ප්‍රජා සංවර්ධනයට කැප වී සිටින ස්වේච්ඡා යෞවනයන් 120,000 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ.  “බෙදා ගැනීමෙන් සියල්ලන්ම අවදි කිරීමේ ව්‍යාපාරයක්”  යන සිය මව් සංවිධානයේ මාර්ගෝපදේශන මූලධර්මයෙන් උකහා ගනිමින් ශාන්ති සේනා සංසදය තරුණ්‍යය සවිබල ගැන්වීමට උත්සාහ දරයි.  බිම් මට්ටමේ ප්‍රජාවන් අතර තරුණ නායකත්වය පෝෂණය කරමින් ශාන්ති සේනා සංසදය ඔවුන්ගේ කුසලතා, හැකියාවන් සහ තරුණ ජවය තිරසර වර්ධනයක් සඳහා භාවිතා කරයි.  සාමයට හා සංවර්ධනයට තීරණාත්මක වන අපගේ ජාතියේ විවිධ ආගමික හා වාර්ගික ප්‍රජාවන් අතර සංහිඳියාව සහ සහයෝගීතාවය හඳුනාගනිමින්, ජාතික භාෂා අරමුදල් ව්‍යාපෘතියේ කොටසක් වශයෙන්, දෙවන භාෂා අධ්‍යාපනය හරහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම පිණිස කළුතර, නුවර එළිය, කෑගල්ල, අම්පාර සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ශාන්ති සේනා සංසදය ක්‍රියාත්මක වේ.  ශාන්ති සේනා ව්‍යාපෘතියේ සමස්ත අරමුණ වනුයේ එක් භාෂාවකින් පමණක් (සිංහල හෝ දෙමළ පමණක්) සන්නිවේදනය කළ හැකි තරුණ තරුණියන්ට එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථාවල දී ඔවුන්ගේ දෙවන භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම මගින් විවිධ ප්‍රජාවන් අතරේ භාෂා ඥානය වැඩි දියුණු කිරීම වේ.  ජාතික සංහිඳියාව වර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට වැදගත්වන හවුල් වටිනාකම් සන්නිවේදනය කිරීමට උපකාරවන සබඳතා ගොඩ නගමින් එකිනෙකා අතර සන්නිවේදනය කිරීමේ හැකියාව මගින් විවිධ ප්‍රජා අතර  අන්තර් – පුද්ගල සබඳතා ඇතිකර ගැනීමට පහසුකම් සලසයි.  ශාන්ති සේනා තරුණ වැඩසටහන් අතර දෙවන භාෂා පුහුණු වැඩමුළු, දෙවන භාෂා ඉගෙනුම් පාඨමාලා, දෙවන භාෂා යෞවන සමාජ, සමාජ මාධ්‍ය ජාල වේදිකා හරහා භාෂා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීම, දිස්ත්‍රික් මට්ටමෙන් ද්විභාෂා ඉගෙනුම් සම්මන්ත්‍රණ සංවිධානය කිරීම දක්වා විහිදේ.

භාෂා පන්ති ආරම්භ කිරීම සඳහා ගෝලීය වසංගතයෙන් බාධ එල්ල වූ විට, භාෂා පන්තිවලට සහභාගීවීමට සිසුන්ගේ විශ්වාසය හා උනන්දුව පිරිහීමේ අවදානම වහා අවබෝධ කර ගැනීමෙන් සර්වෝදය විසින් තරුණ භාෂා සමාජ ආරම්භ කිරීමට කඩිනම් විය.  ශ්‍රී ලංකාව වැනි බහු සංස්කෘතික රටක දෙවන භාෂාවක් ඉගෙනීමේ වැදගත්කම සාකච්ඡා කිරීමට භාෂා යෞවන සමාජ සංසදයක් නිර්මාණය කළේය.  යොවුන් සමාජ නායකයින්ට එකිනෙකා අතර සැලසුම්කළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  බුද්ධි කලම්බනයට හා සංවාද ඇති කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට, යෝජනා සහ මත ඉදිරිපත් කිරීමට  හැකිවන පරිදි භාෂා යොවුන් නායකයින් සහ දිස්ත්‍රික්ක 5 දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් ඒකරාශී කරමින් සූම් තාක්ෂණය ඔස්සේ අතථත්‍ය  රැස්වීම් සංවිධානය කරන ලදී.

කොවිඩ් -19 වසංගතයේ දෙවන හා තෙවන රැළි මගින් පුද්ගල පන්ති පැවැත්වීමට නොහැකි යැයි සලකන අවස්ථාවේ දී, සර්වෝදය ශාන්ති සේනා සංසදය මගින් දෙවන භාෂා පන්ති අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම මගින්  නව සාමාන්‍ය තත්වයට වහාම අනුගත විය.  සූම් තාක්ෂණය ඔස්සේ 2021 අගෝස්තු  මාසයේ දී සය මාසික දෙවන භාෂා පන්ති ආරම්භ විය. ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනය හා රජයේ පුහුණුව ලත් භාෂා ගුරුවරුන්ගේ සහායෙන් දෙවන භාෂා පුහුණු පාඨමාලා 10 ක් ව්‍යාපෘති දිස්ත්‍රික්ක 5 තුල සිංහල හා  දෙමළ භාෂාවෙන් පැවැත්වීම සඳහා නව්‍ය හා ආකර්ශනීය මාර්ගගත ඉගැන්වීමේ ක්‍රමවේදයන්  භාවිතා කරන ලදී.   දිස්ත්‍රික් මට්ටමේ තේරීම් ක්‍රියාවලිය හරහා සහභාගී වූවන් අතරින්  සුදුසු හා විභව ප්‍රතිලාභීන් ලෙස වයස අවුරුදු 14 – 25 ත් අතර තරුණ තරුණියන් 400 කට ආසන්න පිරිසක් හඳුනාගනු ලැබිණි.  මෙම පාඨමාලා ජාතික භාෂා අධ්‍යයන හා පුහුණු ආයතනයෙන් නිර්දේශ කර ඇති සහභාගීත්වය, පිළිබිඹු කිරීම හා හදවතේ රඳවා ගැනීමේ ක්‍රමවේදයේ ආකෘතිය අනුගමනය කරමින් සංගීතයට සවන් දීම, සංවාද අභ්‍යාස, ප්‍රවෘත්ති කියවීම වැනි ක්‍රියාකාරකම් තුලින් ඔවුන්ගේ ප්‍රායෝගික භාෂා කුසලතා වර්ධනය කර ගැනීම සඳහා තරුණ තරුණියන්ට උද්යෝගීමත් හා සාපේක්ෂ අවකාශයක් ඇති කිරීම සඳහා අවධානය යොමු කරන ලදී.  එසේම  ඔවුන්ගේ දෙවන භාෂා ඉගෙනුම් පුහුණුව සඳහා ස්වයං අධ්‍යයන අවස්ථාවන් භාවිතයට ද එනම් දැන්වීම්, ගීත, කාළගුණ තොරතුරු, ප්‍රවෘත්තිවලට සවන්දීම වැනි අභ්‍යාස සඳහා ද ඔවුන්ව දිරිමත් කරනු ලැබිණි.   රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දැනුම, සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම සහ පිළිගැනීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳව තීක්ෂණ ඥානයන් ද විෂයමාලාවට ඇතුලත් කරන ලදී.

ජනවාරි මාසයේ දී සර්වෝදය ශාන්ති සේනා සංසදය දිස්ත්‍රික් මට්ටමේ සහතික බෙදා දීමේ උත්සව 5ක් සමග  සාර්ථක ලෙස දෙවන භාෂා පන්ති අවසන් කිරීම සමරනු ලැබිණි.  මෙම උත්සව මගින් රාජ්‍ය භාෂාවන් සහ දේශීය සංස්කෘතියේ වර්ණවත් සහ විචිත්‍රවත් සැමරුමක් ඇති කරමින් ගීත, කතා, නාට්‍ය සහ රූපමය රචනා නිර්මාණය කරමින් විචිත්‍රවත් නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක ප්‍රකාශන තුලින් ඔවුන් අත්කර ගත් දෙවන භාෂා කුසලතා ඉදිරිපත් කිරීමට මෙම තරුණ භාෂා අපේක්ෂකයින්ට අවස්ථාවක් සලසන ලදී

සර්වෝදය ශාන්ති සේනා සංසදය සිය ජාතික භාෂා අරමුදලේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකර ඇති අතර තරුණ තරුණයින් අතර දෙවන භාෂා ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් කටයුතු කරනු ලබයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත්බව ගොඩ නැගීමට සහ දිස්ත්‍රික් මට්ටමින් භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙවන භාෂා යෞවන සමාජ උපයෝගී කර ගැනීම සඳහා පසුවිපරම් වැඩසටහන් සංවර්ධනය කරනු ලැබේ.

අම්පාර දිස්ත්‍රික්කය   100

දෙමළ – අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  50 ( පුරුෂ 10  | ස්ත්‍රී 40 ) සිංහල  – සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 42 (පුරුෂ 21 | ස්ත්‍රී 21)

කළුතර දිස්ත්‍රික්කය   107

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දෙමළ  – 42 (පුරුෂ 16 | ස්ත්‍රී 26)  සිංහල 47 (පුරුෂ 28| ස්ත්‍රී 19F)

කෑගල්ල දිස්ත්‍රික්කය   

දෙමළ – කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  – 39 (පුරුෂ 4| ස්ත්‍රී 35), සිංහල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 37 ( පුරුෂ 14  | ස්ත්‍රී 23)

කිලිනොච්චිය දිස්ත්‍රික්කය

සිංහල  – කරච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 49 (පුරුෂ 15|ස්ත්‍රී 34) කන්දවැලි  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය 45 (පුරුෂ 6|ස්ත්‍රී 39)

නුවර එළිය දිස්ත්‍රික්කය

දෙමළ – වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය  47 (පුරුෂ 13|ස්ත්‍රී 34) සිංහල අඹගමුව 40 (පුරුෂ 5 / ස්ත්‍රී 35)

Spread the love