ජාතික භාෂා අරමුදලේ සාර්ථක කතා : සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය | දෙවන භාෂා ඉගෙනුම තුලින් ජීවිතයට නව ජීවයක් ලබා දෙමින් ප්‍රජාවන් නගා සිටුවීම

සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ දෙවන භාෂා ඉගෙනුම් වැඩසටහන මගින් උප තැපැල් ස්ථානාධිපතිනියගේ වෘත්තිය ආරක්ෂා වේ

තරුණ ගැහැණු ළමයෙක් වූ වයස අවුරුදු 27 ක් වන සචිනි අමන්දා ඇයගේ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුව රජයේ රැකියාවක් කිරීමට අපේක්ෂාවෙන් සිටියාය.  අවස්ථා කිහිපයක ප්‍රයත්නයකින් පසුව ගාල්ල යක්කලමුල්ලේ, කොට්ටාව උප තැපැල් කාර්යාලයේ සීමාවාසික පුහුණුවක් ලැබිණි.  සීමාවාසික පුහුණුවෙන් උපරිම ඵල ලබා ගැනීමෙන් පසුව ඇය අදාල රජයේ විභාගයට මුහුණ දුන්නාය.  ඉන් සුදුසුකම් ලැබීමෙන් පසුව පුහුණුව ලැබූ උප තැපැල් කාර්යාලයේම උප තැපැල් ස්ථානාධිපතිනිය වීමෙන් ඇය වඩාත් ආත්මාභිමානයක් ලැබුවාය. 

යක්කලමුල්ල තලංගහ වතුයායේ පිහිටි මෙම උප තැපැල් කාර්යාලය මගින් ප්‍රධාන වශයෙන් වතු හා ග්‍රාමීය ප්‍රජාවට සේවය සැලසෙන අතර ඒ අතරින් ප්‍රධාන වන්නේ දමිළ බහුතරය වේ.  සචිනිගේ ගනුදෙනුකරුවන්ගෙන් සියයට අනූපහක්ම දෙමළ භාෂාව කතා කරන්නන් වූ අතර සිංහල කතා නොකළහ.  ඔවුන් සමග සන්නිවේදනය කිරීමේ දුර්වලතාවය හේතුවෙන් සචිනිට ඔවුන් වෙනුවෙන් කළ හැකි සේවයේ ධාරිතාවය විශාල වශයෙන් අඩු විය.  ඇයගේ සේවය ලබා දීමට ඇති සන්නිවේදන බාධකය නිසා සචිනි දැඩි ලෙස අධෛර්යයට පත් වූ අතර වැඩ කිරීමේ උනන්දුව ද අඩු විය.  මෙම භූමිකාව සඳහා සුදුසුකම් ලැබීමට මෙතරම් කාලයක් හා ශ්‍රමය වැය කළ ඇය, දෙමළ භාෂාව ඉගෙන ගැනීම හෝ සේවයෙන් ඉල්ලා අස්වීම යන උභතෝකෝටික ගැටළුවකට මුහුණ දුන්නාය.  සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන සම්මුතිය සමග හවුල්ව දෙවන භාෂා පන්ති ආරම්භ කළේ මේ අවස්ථාවේ දීය.  දෙමළ භාෂා පන්ති නොමිලේ පවත්වන බව දැනගත් සචිනි ඒ සඳහා වහා ලියාපදිංචි වූවාය.  ඇය පාසලේ දී 1 සිට 5 වසර දක්වා දෙමළ ඉගෙන ගෙන තිබුණි.  නිතර භාවිතා නොකිරීම නිසා දෙමළ භාෂාව සමග ඇති සම්බන්ධතාවය ගිලිහී ගොස් තිබුණ ද පාසලේ දී ලබා ගත් මූලික දැනුම ඇයට වඩාත් පිටුවහලක් විය.   භාෂා පන්ති මගින් ඇයගේ දෙමළ භාෂා දැනුම වැඩි දියුණු කළා පමණක් නොව ප්‍රායෝගික වූ ඉගැන්වීම් ක්‍රමවේදය  මගින් දෙවන භාෂාවෙන් සන්නිවේදනය කිරීම සම්බන්ධයෙන් ඇය තුල ක්‍රමයෙන් විශ්වාසය ද ගොඩ නැගෙන්නට විය.  තැපැල් කන්තෝරුවේ දී ඇය උගත් දෙවන භාෂා හැකියාවන් යොදා ගනිමින් සචිනි දෙමළ භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව විශ්වාසයෙන් යුතුව ඉක්මනින් වර්ධනය කර ගත්තාය. 

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට සචිනි අමන්දා කොට්ටාව කොට්ඨාශ තැපැල් කාර්යාලයේ ඇයගේ රාජකාරි ඉතා උනන්දුවෙන් ඉටු කරමින් සිටී.  තම ගනුදෙනුකරුවන්ට ඔවුන් කැමති භාෂාවෙන් සන්නිවේදන කිරීමේ ඇයගේ හැකියාව නිසා ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ ධාරිතාවය වැඩි කර ඇත.  දැන් වතු කම්කරුවන් ඇය සමග ඉතා සමීපව  හා පහසුවෙන් සම්බන්ධ වන අතර උප තැපැල් කාර්යාලය උණුසුම්, මිත්‍රශීලී වාතාවරණයක් භුක්ති විඳී.  භාෂා ඉගෙනුම් පන්ති ඇයගේ ජීවිතයට ඇති කර ඇති බලපෑම් ගැන සචිනි අමන්දා අදහස් දක්වමින්, “මේ භූමිකාව සඳහා සුදුසුකම් ලැබීමට විභාග සඳහා ඉගෙන ගනිමින් ඉතා විශාල කාලයක් වැය කළ ද මේ භාෂා පන්ති නොතිබෙන්නට මේ වන විටත් මම මේ රජයේ රැකියාව අත් හැර දමා ගොසින් වෙනත් රැකියාවක් ලබා ගන්නට උත්සාහ කරන්නට ඉඩ තිබුණා.  දෙමළ ඉගෙන ගැනීම නිසා  වඩාත් හොඳ රැකියාවක් සොයා ගැනීම සඳහා කාලය අපතේ යෑමෙන් මාව ආරක්ෂා කළා” යැයි සචිනි පවසයි.  ඇය තම ප්‍රජාවට සේවය කිරීමේ දී විශිෂ්ඨ ලෙස කටයුතු කිරීමට අදිටන් කර ඇත.  සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය විසින් ලබා දෙනු  ලබන දෙවන භාෂා අධ්‍යයන පන්ති සචිනි අමන්දා මෙනෙවියටත් ඇය සේවය කරන ප්‍රජාවටත් ඉමහත් ආශීර්වාදයක් වී ඇත.

ජාතික භාෂා පදනමේ හවුල්කරුවකු වන සංවර්ධන පහසුකම් සඳහා වන ශ්‍රී ලංකා මධ්‍යස්ථානය බහු වාර්ගික ජන ප්‍රජාවන් අතර භාෂා අයිතීන් ප්‍රවර්ධනය කිරීමට හා දෙවන භාෂා ඉගෙනුම ඉහළ නැංවීම සඳහා කැප වී සිටී.  සංවර්ධන පහසුකම් සඳහා වන ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ ” රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සඳහා සිවිල් සමාජ ව්‍යුහය පිහිටුවීම” යන ව්‍යාපෘතිය මගින් ගාල්ල, මහනුවර,  කිලිනොච්චිය, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්ක ආවරණය කරයි.  කොවිඩ් – 19 මගින් ඇති කරන ලද පසුබෑම් නොතකා මෙම ව්‍යාපෘතියේ බලපෑම බොහෝ දුර යමින් ඇත.  බහුවාර්ගික ජන ප්‍රජාවන් අතර අවබෝධය හා අන්‍යොන්‍ය සුහදතාවය පෝෂණය කිරීම සඳහා දෙවන භාෂා ඉගෙනුම කෙසේ උපකාර කරන්නේ ද යන්න සඳහා සචිනිගේ කතාව ඉතා හොඳ සාක්ෂියක් සපයයි.

 

 

Spread the love