“මම මගේ මවුබසට ආදරය කරමි. එමෙන්ම අනෙක් භාෂාවන්ට ද ගෞරව කරමි..”

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් රාජ්‍ය භාෂා සතිය සැමරීම සඳහා පවත්වනු ලැබූ සමස්ත ලංකා රචනා තරගයේ සම්මාන ප්‍රදානෝත්සවය

වාර්ෂිකව ජූලි 01 සිට 05 දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය (NLEAP) සමඟ එක්ව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) විසින් පවත්වනු ලබන සමස්ත ලංකා පාසල් රචනා තරගයේ සමමාන ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අගෝස්තු 24 වැනිදා පැවැත්විණි. ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා කැනේඩියානු  මහ කොමසාරිස් ගරු ඩේවිඩ් මැකිනොන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

“අපේ සියලුම පුරවැසියන්ගේ භාෂා අයිතීන්, ආගමික අයිතීන් සහ සංස්කෘතික අයිතීන් සුරැකීමට අපි කැපවී සිටිමු” යනුවෙන් තරයේ ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, භාෂා අයිතීන් පිළිබඳ දැනුවත්භාවය ගොඩනැගීමට දායක වීම පිළිබඳව රචනා තරගයේ ජයග්‍රාහකයන්ට සහ සහභාගිවන්නන්ට උණුසුම් සුබපැතුම් පිරිනැමීය. ‘වඩා හොඳ අවබෝධයක් තුළින් අපගේ පුරවැසියන්ට ශක්තිමත් ජාතියක් ගොඩනැගීමට හැකි වනු ඇත’ යනුවෙන් සඳහන් කළ ඔහු ඒ සඳහා මෙවැනි ක්ෂේත්‍රයන් තුළට දරුවන් සම්බන්ධ කර ගැනීම සඳහා මෙවැනි වැඩසටහන් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) වෙත සිය ප්‍රශංසාව පුද කළේය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් භාෂා අයිතීන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැනඩා රජය සමඟ ඇති ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ද අග්‍රාමාත්‍යවරයාගේ දැඩි ඇගයීමට ලක් විය.

භාෂා අයිතීන් සහ විවිධත්වය පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන සිසු සිසුවියන් ගේ සහභාගිත්වය සහභාගිවන්නන්ගේද ඇගයීමට ලක් කළ අතිගරු ඩේවිඩ් මැකිනන් මහතා ‘සමාජ ගොඩනැගීමට සහ එය විනාශ කිරීමට භාෂාවට බලය ඇත’ යනුවෙන් සඳහන් කළේ ‘අපගේ වෙනස්කම් අපව ශක්තිමත් කර අපව වඩා යහපත් කරන නමුත් ඒ සඳහා  උත්සාහයක් අවශ්‍ය’ බවයි. මැකිනොන් මහතා කැනඩාවේ ද්විභාෂා ප්‍රතිපත්තිය ගැන සඳහන් කරමින් ‘එය දැන් එහි 53 වන වසර සමරමින් සිටී. එය දිගු කාලයක් වුවද එය තවමත්බොහෝ දුරට ක්‍රියාත්මක වෙමින් පවතී’ යනුවෙන් සඳහන් කළේය. . ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කිරීම සදහා රජයට යම් දායකත්වයක් ලබාදීමට ලැබීම සතුටක්  යැයි ද  පැවසීය.

D කලන්සූරිය මහතා, (සභාපති – රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC), නීතිඥ) ඔහුගේ පිළිගැනීමේ දේශනයේදී , ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය (NLEAP) සමඟ එක්ව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) හි කණ්ඩායම්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් වූ රචනා 1210 ක් පමණ එවමින් පාසල් සිසුන්ගෙන් ලැබුණු අතිමහත් ප්‍රතිචාරයෙන් විශාල ආශ්වාදයක් ලැබූ බව සඳහන් කළේය. දිවයින සහ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි උනන්දුවක් ඇතිව කටයුතු කිරීම පිළිබඳව සහභාගිවන්නන්ට ප්‍රශංසා කළේය. වසංගතයේ උච්චතම අවස්ථාවේ දී  පැවැත්වූ තරඟයක්  බැවින් එහි විනාකම විශේෂයෙන් වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය . සිසුන්ට ඔවුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් විසින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද ඔහු හද පත්ලෙන්ම සිය ප්‍රණාමය පුද කළේය.

රචනා විනිශ්චය  කිරීමේදී සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කර තිබූ   රචනා කොළඹ විශ්වවිදයාලයේ සිිංහල අංශයේ අංශ ප්‍රධානි සඳගෝමි  කෝපරහේවා  ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා යටතේද දෙමළ මධ්‍යයේ රචනා කැලණිය විශ්ව විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය  කවිතා රාජරත්නම්ගේ ප්‍රධානත්වයෙන්ද  ඉංග්‍රිසි මාධ්‍යයෙන් ලත් රචනා රුහුණු විශ්වවිදයාලයේ ඉංග්‍රීසි අංශයේ ප්‍රධානී මහාචාර්ය එස් ජි එස් සමරවීර  යටතේද සිදු කෙරුණි.

සියලුම ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් කරමින් සම්පාදනය කරන ලද රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) සමඟ සහයෝගයෙන් ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය (NLEAP) විසින් ප්‍රකාශයට පත් කරන ලද පොතක් ලැබීමෙන් ජයග්‍රාහී දරුවන් අමන්දානන්දයට පත් වූහ. දොන් ඊ. බ්‍රොන්වෙල්  මහතා, තමා නිරීක්ෂණය කරන පරිදි, ‘මෙම කෘතියේ ඇතුළත් ජයග්‍රාහී රචනා ළමයින් විසින් ලියන ලද රචනා එකතුවකට වඩා වැඩි බවත් ඒවා භාෂාවේ බලය සහ ශක්තිය පිළිබඳ දැනුවත් දරුවන්ගේ තරුණ සංවේදීතාව සහ අවංකභාවය පිළිබිඹු කරන විශිෂ්ට සාක්ෂි’ වන බවත් ප්‍රකාශ කළේය.

භාෂා අයිතිවාසිකම් සහ විවිධත්වයට ගරු කිරීම පිළිබඳ ඉතා වැදගත් සංවාදයකට ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අඛණ්ඩව සම්බන්ධ කර ගන්නා එවැනි ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) කැපවී සිටී. ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය (NLEAP)  විසින් ශ්‍රී ලාංකික පුරවැසි සියලු දෙනාගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා ලෙස තම වගකීම ඉටු කිරීමට අපේක්ෂා කරන බැවින් අවශ්‍ය තාක්ෂණික සහය ඇතිව එයට අඛණ්ඩව සහාය වනු ඇත.

Spread the love