ඇතුලත් කිරීම හා අයිතිය සඳහා භාෂාව

ශ්‍රී ලාංකිකයන් අතර ජනනය කළ භාෂාව පිළිබඳ ගැටළුව වන කැමැත්ත හා තර්ජනය පිළිබඳ හැඟීමට දිගු අතීතයක් ඇත.  නමුත් භාෂා ප්‍රශ්නය තවමත් පවතී.  සාමය ගොඩනගන්නන්ගේ හා දෙමළ කතා කරන්නන්ගේ අපේක්ෂාවන් නොතකා නිදහස් දින උත්සව, රජයේ සාමාන්‍ය උත්සව හා පෞද්ගලික උත්සවවල දී පවා ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කරනු ලබයි.  ලබන වසරේ ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සමරන විට  වෙනසක් සඳහා නව අවස්ථාවක්  උදාවනු ඇත.

භාෂාව යනු කණ්ඩායමක් තුල සමගිය ඇති කිරීමේ මාර්ගයකි;  එසේම එය කණ්ඩායම් අතර සීමා පවත්වා ගැනීමේ ක්‍රමයක් ද වේ.  භාෂාව යනු අනන්‍යතාවයයි.  එබැවින්, භාෂාවට ඇති තර්ජනය කණ්ඩායම් අනන්‍යතාවයට ඇති විය හැකි තර්ජනයකි.  මිනිසුන් තම මවු භාෂාව වඩාත් ම හොඳින් තේරුම් ගන්නා අතර එය ඉතා අගය කොට සලකයි.  එබැවින් ඒ සඳහා නිසි තැන නොලැබෙන විට කෝපයක් හා තර්ජනාත්මක හැඟීමක් ඇතිවේ.  ප්‍රභූ කණ්ඩායම් පමණක් නොව, මහජනතාව කතා කරන භාෂාව වෙනුවට යටත් විජිත භාෂාව වන ඉංග්‍රීසි භාෂාව ආදේශ කිරීමට  1956 රජය විසින් තීරණය කළ විට එවැනි ජාතික විවාදයක් ඇති විය.

ජනතාවගෙන් සියයට 25 ක් සහ ප්‍රධාන ප්‍රජාවන් හතරකින් තුනක්ම (ශ්‍රී ලංකා දෙමළ, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ හා මුස්ලිම්) ඔවුන්ගේ මව් භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිතා කරයි.  සිංහල සමග රාජ්‍ය භාෂා දෙකෙන් එකක් ලෙස දෙමළ, රාජ්‍ය භාෂාව වනු ඇතැයි සාධාරණ අපේක්ෂාවන් පැවතුනි.  එහෙත් එය එසේ නොවිය යුතු බව ජාත්‍යන්තරව මෙන්ම බහුතරයක් කතා කරන දෙමළ භාෂාවෙන් තරඟකාරීත්වය හමුවේ සිංහල භාෂාව නොනැසී පැවතීමට නම් සිංහල භාෂාව සඳහා විශේෂ ආරක්ෂාවක් පැවතිය යුතු බව සිංහල බහුතරය අතර කනස්සල්ලක් ඇති විය.

පසුගිය දශකවල භාෂා කැරලි මේවන විට ඈත මතකයකි.  1987 සිට දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් වී ඇත.  එතැන් පටන් අනුප්‍රාප්තික ආණ්ඩුවල තරඟකාරී ප්‍රමුඛතා සහ වෙනස්කොට සැලකීමේ පිළිවෙත්වල බලපෑම නොදැනෙන අය අතර ඇති උදාසීනත්වය හමුවේ මෙම නීතිය ක්‍රියාත්මක වන බව සහතික කිරීම අභියෝගය වී ඇත.

අනෙක් භාෂාව භාවිතයේ දී සංවේදීබවක් සහ සාධාරණත්වයක් ඇතිබව සහතික කිරීම සිවිල් සමාජයේ දී පවා අපහසු කාර්යයකි.   බොහෝ විට දෙමල භාෂාව කතාකරන්නන්ට සිංහල භාෂාව ගැන දැනුමක් නොමැතිනම් පවසන දේ තේරුම් ගැනීමට නොහැකි බැවින් සම්පූර්ණයෙන් ම සිංහල භාෂාවෙන් පවත්වන සාකච්ඡාවලින් ඉවත් වී සිටීමට සිදුවේ.  එහි අනෙක් පැත්තද ඒ හා සමානව සත්‍යයකි, එනම් දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සිංහල කතාකරන්නන්ට එවැනි සාකච්ඡාවලින් ඉවත් වී සිටීමට සිදුවේ.

ජාතික ඒකාග්‍රතාවය හා සමාජ සංහිඳියාව පෝෂණය කිරීම සඳහා ජාතික සාම සභාව පුළුල් වූ ක්‍රියාකාරකම් පරාසයක නිරත වී සිටී.    ප්‍රාදේශීය මට්ටමින් සාමය ගොඩනැංවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලබයි.  තම ප්‍රදේශවල අතීතයේ දී දේපල හා ජීවිත විනාශ වීමට තුඩු දුන් ආකාරයේ අන්තර් – ප්‍රජා ගැටුම් උත්සන්න කිරීමට රාජ්‍ය නිලධාරීන් අපේක්ෂා නොකරති.  බලහත්කාරයෙන් තොර වූ ක්‍රම මගින් යටින් පවතින ගැටළු හඳුනාගැනීම සඳහා   හැකියාවන් වර්ධනය කර ගැනීමට හා මතුවිය හැකි ආතතීන් හැසිරවීමේ හැකියාවන් වර්ධනය කර ගැනීමට ද ඔවුන් උනන්දු දක්වති.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය හරහා ජාතික සාම සභාව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදීතාවය, රාජ්‍ය සේවකයින්ගේ ද්විභාෂා සන්නිවේදන කුසලතා සහ ජාතික මට්ටමින් රාජ්‍ය භාෂා දෙකෙන්ම (සිංහල හා දෙමළ) රාජ්‍ය සේවා ලබා දීමේ හැකියාවන් වර්ධනය කරයි.    එසේම ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම්, ප්‍රාදේශීය අන්තර්  ආගමික් කමිටු  ඔවුන්ගේ ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය විගණනය කිරීම හා ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා ද සම්බන්ධ වේ.

රාජ්‍ය නිලධාරීන්ට අනෙකුත් ප්‍රජාවේ භාෂාව ඉගැන්වීම සම්බන්ධ භාෂා ව්‍යාපෘතියක් බේරුවල, ත්‍රිකුණාමලය සහ අකුරණ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියෙන් ලද සහාය සම්බන්ධයෙන් ජාතික සාම සභාව අතිශයින් ම සතුටට පත්වේ.  මෙම රාජ්‍ය නිලධාරීන් සේවා ලබා දීමේ ඉදිරි පෙළේ සිටිති.  ද්විභාෂිකවීමට ඔවුන්ට ඇති හැකියාව මගින් ගැටළු හා අවශ්‍යතාවලට පූර්ණ ඇගයීමකින් වඩාත් හොඳින් ජනතාවට සේවාවන් ලබා දීමේ හැකියාව සහතික කරයි.  රටේ අනෙකුත් භාෂාවන් ප්‍රමුඛ වන ප්‍රදේශයකට හුවමාරු සංචාරයක් සඳහා යාම, භාෂා ගැටළු සමග කටයුතු කරන ආකාරය හා මිතුරන් ඇතිකර ගැනීම ව්‍යාපෘතියේ වැදගත් අංගයකි.  තවත් වැදගත් ක්‍රියාකාරකමක් වන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කළ යුතු ස්ථාන සහ  පිරවිය යුතු හිඩැස් හඳුනා ගැනීම සඳහා රජයේ ආයතනවලින් නියැදියක් විගණනය කිරීම වේ.

සිදුකරනු ලබන කාර්යන් සම්බන්ධයෙන් ක්ෂේත්‍රයෙන් බොහෝ පැසසුම් ලැබේ.  අසල්වැසි හා දුර බැහැර ප්‍රදේශවලින් ද ඔවුන් සමග කටයුතු කිරීමට ජාතික සාම සභාවට ඇරයුම් ලැබී ඇත.  ගම්පහ, නුවරඑළිය, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව ඊට ඇතුලත් වේ.  භාෂාව නිසා සියල්ලන්ම ඇතුලත් වන සහ කිසිවෙක් බැහැර නොකරන රටක් බවට පත් කිරීමට සහ සමස්තයට අයත් යැයි හැඟෙන රටක් බවට පත් කිරීමට අපගේ වැඩ කටයුතු සඳහා කැනේඩියානු ජනතාවගෙන් ලැබෙන ත්‍යාගශීලීත්වය අප අගය කරන්නෙමු.

 

ආචාර්ය ජෙහාන් පෙරේරා

විධායක අධ්‍යක්ෂ

ශ්‍රී ලංකා ජාතික සාම සභාව

Spread the love