
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP)ජාතික භාෂා අංශය සමඟ එක්ව භාෂා සැලසුම් වැඩමුළු මාලාවක් පවත්වයි.
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය ( NLEAP) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය (NLD) සමඟ එක්ව භාෂා සැලසුම් වැඩමුළු මාලාවක් පවත්වන ලදී. භාෂා සැලසුම්කරණ ක්‍රියාවලිය පිළිබඳව පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවට සහභාගී වූ රාජ්‍ය ආයතන 74ක් මෙම වැඩමුළු සඳහා සහභාගි විය. සැප්තැම්බර් මාසයේ මධ්‍යම පළාතෙන් ආරම්භ වූ එක්දින ඉදිරි වැඩමුළු වයඹ පළාතේ, නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ ආයතන සඳහා සිව්වන කාර්තුව දක්වා පැවැත්විණි.
ජාතික භාෂා අංශයේ තාක්ෂණික කණ්ඩායම විසින් මෙහෙයවන ලද සැසි මගින් ආයතනවලට ඔවුන්ගේ භාෂා සැලසුම් සංවර්ධනය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සංසදයක් නිර්මාණය කරන ලදී. භාෂා කමිටුවලට විවිධ දෙපාර්තමේන්තු සම්බන්ධ කර ගැනීම මුලදී අභියෝගාත්මක වූ ආකාරය පිළිබඳව හා ඔවුන් භාෂා සැලසුම් මත වැඩ කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව සියලු දෙනා පාහේ වැඩි වශයෙන් සම්බන්ධ වූ ආකාරය පිලිබඳ ඔවුහු සිය අත්දැකීම් බෙදාගත්හ. භාෂා සැලසුම් ක්‍රියාවලිය මගින් භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී තම ආයතන තුළ ඇති පරතරයන් හඳුනා ගැනීමට භාෂා කමිටුවලට බලය ලබාදී ඇත. ද්විභාෂික කාර්ය මණ්ඩලයක් වේවා නැතහොත් ත්‍රෛභාෂා ලේඛනගත කිරීමක් වේවා දැනටමත් පවතින සම්පත් වඩා හොඳින් භාවිතා කිරීමට ඔවුන්ට එමඟින් හැකි විය. එක් නියෝජිතයෙකු ප්‍රකාශ කළ පරිදි, සියලුම පුරවැසියන්ගේ භාෂා අයිතිය තහවුරු කිරීම සෑම රාජ්‍ය සේවකයෙකුටම පැවරී ඇති වගකීමක් බවට විවිධ දෙපාර්තමේන්තු අතර දැනුවත්භාවයක් සහ වගවීමක් ඇති කිරීමට මෙම ක්‍රියාවලිය උපකාරී විය.
ආයතනයන්හි භාෂා සැලසුම් සඳහා අරමුදල් සපයනු පිණිස නිර්මාණාත්මක විසඳුම් සංවර්ධනය කිරීම සඳහා එම ආයතනවල ධාරිතාව ගොඩනැගීම කෙරෙහි ද වැඩමුළු සැසිවල අවධානය යොමු විය. එබැවින්, දැනට ක්‍රියාත්මක භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සහ දෙවන භාෂා ඉගැන්වීමේ වැඩසටහන් උපයෝගී කර ගැනීම සඳහා විවිධ නියෝජිතායතන, විශේෂයෙන් සිවිල් සමාජ සංවිධාන සමඟ ජාලගත කිරීම සහ සම්බන්ධ විය හැකි ආකාරය ගවේෂණය කිරීම වැඩමුළු පුහුණුවේ මූලික අංගයක් විය.
රාජ්‍ය ආයතන 74 ක් භාෂා සැලසුම් ක්‍රියාවලිය පිළිබඳ දින 3 ක TOT වැඩමුළුව සඳහා සහ ඉන් අනතුරුව පැවති භාෂා සැලසුම් සමාලෝචන වැඩමුළු සඳහා සහභාගී වී ඇත. මේ අතරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 47ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 05ක්, රෝහල් 03ක්, පොලිස් ස්ථාන 07ක්, අධිකරණ 03ක්, පළාත් පාලන ආයතන 05ක් සහ ප්‍රධාන ලේකම් කාර්යාල 04ක් ඇතුළත් වේ. තම ආයතනවල භාෂා සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා නිලධාරීන් 151 දෙනෙකු විස්තීරණ පුහුණුවක් ලබා ඇත. ජාතික සහ පළාත් මට්ටමින් රාජ්‍ය භාෂා දෙකෙන්ම (සිංහල සහ දෙමළ) රාජ්‍ය සේවා සැපයීම සඳහා ප්‍රධාන අමාත්‍යාංශ සහ ආයතනවල ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා භාෂා සැලසුම් ක්‍රියාවලිය මූලික වේ. රාජ්‍ය සේවකයන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ද්විභාෂා සන්නිවේදන කුසලතා ශක්තිමත් කිරීම මෙම සැලසුම්වල ප්‍රධාන අංගයකි.
NLEAP යනු සියලු පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ රජයේ ඉලක්කයට ප්‍රතිචාර දැක්වීම සඳහා නිර්මාණය කර ඇති කැනඩා රජයේ සහය දක්වන ව්‍යාපෘතියකි. Alinea International විසින් ක්‍රියාත්මක කරන ලද NLEAP ව්‍යාපෘතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන සමඟ ඉතා සමීපව කටයුතු කරනු ඇත.