
වාර්ගික අසමගියේ අඳුර දුරලනු වස් භාෂා ඉටිපහන දල්වනු මැන
ජාතික භාෂා අරමුදලේ ( NLF) හවුල්කාර ආයතනය වන මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය ( CHRCD) විසින් දෙවන භාෂා පන්ති සඳහා ස්වකීය තෙවන සහ අවසාන සම්මාන ප්‍රදානෝත්සවය පවත්වන ලද අවස්ථාව භාෂා සහ සංස්කෘතීන්හි වඩාත් විචිත්‍රවත් සහ වර්ණවත් සැමරුමක් විය. පැය 50ක දෙවන භාෂා ඉගෙනුම් පාඨමාලාව හදාරා අවසන් කිරීම සම්බන්ධයෙන් සාඩම්බර සහතිකපත්ලාභී වැඩිහිටි භාෂා හදාරන්නන් 500ක් වූ පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පුහුණුව ලැබූ සමස්ත දෙවන භාෂා හදාරන්නන්ගේ සංඛ්‍යාව 1300ක් දක්වා ඉහළ නැංවූහ. භාෂා හදාරන්නන්ගේ කාව්‍ය, නාට්‍ය, ගීත සහ නැටුම්වලින් සැදුම්ලත් මෙම විචිත්‍රවත් ප්‍රසංගය, කුරුණෑගල ප්‍රදේශයේ ද්විභාෂා ප්‍රජාවන් අතර වාර්ගික සහජීවනය ප්‍රවර්ධනය කිරීමෙහිලා දෙවන භාෂා පන්තිවල ක්‍රියාකාරීත්වය ඵලදායි ලෙස ප්‍රදර්ශනය කරන ලදී. සිංහල සහ දෙමළ බස් වහරන ප්‍රජාවන් එකිනෙකා හා වඩාත් ගැඹුරින් සම්බන්ධ කරනු පිණිස ඔවුන් ප්‍රායෝගිකව සන්නද්ධ කිරීම සඳහා භාෂා ඉගෙනීමේ පන්ති ඉතා සැලකිලිමත්ව නිර්මාණය කර තිබුණි. එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ ඔවුන්ගේ වැඩි දියුණු කළ හැකියාව සහ එකිනෙකාගේ සංස්කෘතීන්හි පොහොසත්කම සහ අලංකාරය පිළිබඳ වැඩි අගය කිරීම, පැහැදිලිවම ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳ ගැඹුරු හිමිකමක හැඟීමක් පෝෂණය කර ඇත.
‘ඉගෙනීම සඳහා ප්‍රතිසන්ධාන ව්‍යාපෘතිය’ යන මැයෙන් CHRCD විසින් පවත්වන ලද දෙවන භාෂා පන්ති සඳහා අරමුදල් සපයන ලද්දේ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) විසින් කළමනාකරණය කරනු ලබන ජාතික භාෂා අරමුදල විසිනි. සිංහල ප්‍රජාව වෙත දෙමළ බස ඉගැන්වීමේ හා දෙමළ ප්‍රජාව වෙත සිංහල බස ඉගැන්වීමේ දෙවන භාෂා ඉගෙනුම් පාඨමාලා කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනාට විවෘත විය. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා ප්‍රවර්ධන නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භාෂා නිලධාරීන්ගේ සහයෝගීත්වයෙන් ජාතික භාෂා පුහුණු ආයතනය මගින් පුහුණු කරන ලද භාෂා ගුරුවරුන් විසින් පාඨමාලා මෙහෙයවන ලදි.
දෙවන භාෂා හදාරන්නන්ගේ ජයග්‍රහණ පිළිබඳව සුබ පැතුම් එක් කරමින් රුවන් ජයසුන්දර මහතා (සහකාර දිස්ත්‍රික් ලේකම් – කුරුණෑගල) ද්විභාෂා ප්‍රජාවන්හට එකිනෙකා සමඟ සම්බන්ධවීමෙහිලා භාෂාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළේය.
ඔහු ස්වකීය අදහස් මෙසේ බෙදාගන්නා ලදි. “උතුරට ගියොත් අපිට අමුත්තක් දැනෙනවා. හුදකලා බවක් දැනෙනවා. ඒ ඇයි? ඒ අපේම රට . හේතුව ඔවුන් දෙමළ කතා කිරීමත් අපි දෙමළ නොදැනීමත්. ඔවුන් සිංහල දන්නේ නැහැ. අපට එකිනෙකා තේරුම් ගැනීමට හෝ එකිනෙකාගේ වේදනාව බෙදා ගැනීමට නොහැකියි. ඒත් අපි එක මිනිස්සු.”
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වීමට නම් අපි එකිනෙකාගේ භාෂා දැන සිටිය යුතුයි.”
ජයසුන්දර මහතා සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට පැය 150ක දෙවන භාෂා ඉගෙනීම සම්පූර්ණ කිරීමට නියම කර ඇත්තේ මේ නිසා බවයි.
‘අපගේ හදවතට සමීප භාෂාවක්’ වන දෙමළ භාෂාව ඉගෙන ගන්නා ලෙස ඔහු සභාවේ සිටි ප්‍රමුඛ සිංහල ශ්‍රාවක පිරිස වෙතින් ඉල්ලා සිටියේය.
ද්විභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කැනඩාවේ අත්දැකීම් පිළිබඳ අවබෝධය බෙදා ගනිමින් මයිකල් එම්බ්ලෙම් මහතා (ව්‍යාපෘති අධ්‍යක්ෂ – NLEAP) ජාතික භාෂා දෙකක් තිබීමේ වැදගත්කම අවබෝධ කිරීමට කැනේඩියානුවන්ට බොහෝ කාලයක් ගත වූ බව ප්‍රකාශ කළේය. එනමුත් , කරුණු ඇගයීමේදී දෙවන භාෂා ඉගෙනීම බොහෝ ප්‍රතිලාභ ජනිත කරවන බව සඳහන් කළ ලෙස එම්බ්ලෙම් මහතා: “භාෂාව සන්නිවේදනයට වඩා වැඩි යමකි – එය සබඳතා ගොඩනැගීමකි.” යනුවෙන් අවධාරණය කලේය.
එම්බ්ලෙම් මහතා කුරුණෑගල පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ පොහොසත් සංස්කෘතිය තම අසල්වාසී දෙමළ ප්‍රජාව සමඟ බෙදාහදා ගැනීමට හැකි වන පරිදි දෙවන භාෂා ප්‍රවීණතාවය දිගටම වර්ධනය කර ගන්නා ලෙසයි.
කුරුණෑගල ජනතාව විවිධත්වය අගයන ප්‍රජාවක් ලෙස ගොඩනැංවීම සඳහා සවිබලගැන්වීම පිළිබඳව ප්‍රේමසිරි ගමගේ මහතා (විධායක අධ්‍යක්ෂ – CHRCD) කැනඩා රජයට සිය ස්තුතිය පුද කළේය. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු කුරුණෑගල නගරය කම්පාවට පත් කළ වාර්ගික ගැටුම ගැන සඳහන් කරමින් ප්‍රේමසිරි මයා ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා භාෂාව සහ සංස්කෘතිය යන දෙඅංශයෙන්ම ඉටු කළ නිසි කාර්යභාරය අවධාරණය කළේය. ‘අපට භාෂාව සහ සංස්කෘතිය යන දෙකම අවශ්‍යයි’ යැයි ප‍්‍රකාශ කළ ඔහු ‘එවැනි ප‍්‍රචණ්ඩත්වයන් වළක්වා ගැනීම සඳහා එම අංශ ද්විත්වයම ගොඩනගා ගත යුතු’ බව යළිත් අවධාරණය කළේය
2019 සංහාරය සහ කැලඹීම ගැන ආවර්ජනය කරමින් ඔහු කුරුණෑගල පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ‘අපගේ බෙදාහදාගත් මනුෂ්‍යත්වය පිළිබිඹු කරන සහ පූර්ණ කරන සාමකාමී සමාජයක් ගොඩනඟමු’ යනුවෙනි. ප්‍රේමසිරි මයාගේ ආවේගශීලී ආයාචනයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රජා ශාලාව ගිගුම් දුන්නේ “ එවැනි සමාජයක් ගොඩනැගීමට අපි එක්ව කටයුතු කරමු. අඳුරට ශාප නොකර – භාෂා ඉටිපහන දල්වමු” ලෙසය.
NLF හරහා ලබා දුන් තුන් අවුරුදු ව්‍යාපෘති අරමුදල් සහ තාක්ෂණික ආධාරවලින් ප්‍රතිලාභ ලැබූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 20 වෙනුවෙන් ඩී. එම්. සමන්ති මහත්මිය (දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරී – කුරුණෑගල) කැනඩා රජය, NLEAP සහ CHRCD වෙත ස්තුතිය පුද කළාය. ‘කුරුණැගල කෙරෙහි ඔබේ දැක්වූ සහයෝගය අතිමහත්’ යැයි පැවසූවාය.
දෙවන භාෂාවක් ඉගෙනීමට දක්වන කැපවීම වෙනුවෙන් සහභාගී වූවන්ට උණුසුම් සුබ පැතුම් එක් කළ සමන්ති මහත්මිය භාෂා නිපුණතාවය වර්ධනය කර ගන්නා ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියාය. ‘අපි කුඩා රටක්. ඒත් බලන්න අපේ මිනිස්සුන්ගේ විවිධත්වය. අපට මේ ජාතිය යළි ගොඩනැගිය හැකියි’ ලෙස ප්‍රකාශ කළ ඇය ‘ එහෙත් එය දුෂ්කර වනු ඇත. සංහිඳියාව, සමාව දීම, සහජීවනය හුදෙක් වචන ලෙස හුදකලා වී ඇත.’ යන ප්‍රායෝගික පක්ෂයද සඳහන් කිරීමට කටයුතු කළාය.
ඇගේ වදන් ඔවුන්ට අභියෝග කළේ ‘මෙම පන්තිවලින් ඔබ ලැබූ දැනුම පෝෂණය කරන්න. ඔබේ මනස පෝෂණය කරන්න. අපගේ විවිධ සංස්කෘතීන් තුළ වටිනා දේ උකහාගන්න. ඔබේ සමාජය ගොඩනඟන්න. ආලෝකයක් වන්න” ලෙසය.
හරවත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ගේ බලය සහ නියෝජ්‍යත්වයේ වැදගත්කම කුරුණෑගල වැසියන්ට අවබෝධ කරමින් සමන්ති මහත්මිය කියා සිටියේ ‘ඔබ වැදගත්. ඔබේ සහයෝගය වැදගත්’ ලෙසය.
NLF හරහා, බිම් මට්ටමේ ප්‍රජාවන් සමඟ සමීපව ක්‍රියා කරන CHRCD වැනි සිවිල් සමාජ සංවිධාන (CSO) 28කට NLEAP සහාය දක්වයි.
භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ගොඩනැගීම සහ දෙවන භාෂා ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම මගින් විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර සංහිඳියාව, අවබෝධය සහ සම්බන්ධතාව ප්‍රවර්ධනය කරමින් මෙම සිවිල් සමාජ සංවිධාන රට පුරා ක්‍රියාත්මක වේ. CHRCD දෙවන භාෂා ඉගෙනුම් පන්තිවල සාර්ථකත්වය, දෙවන භාෂා ඉගෙනීම තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන්හට වෙනස්කම් නොතකා එකම ආකාරයකින් සලකනු ලැබීමට සහ එකිනෙකා හරහා සම්බන්ධ වීමට බල ගැන්විය හැකි ආකාරය පිළිබඳ සාක්ෂියකි.