
ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාවයන් ඇති කිරීම.
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘති මෙහෙයුම් කමිටුව( NLEAP) අවසන් වරට රැස්වූයේ භාෂා අංශයේ සියලුම පාර්ශ්වකරුවන් සහ ප්‍රතිපත්තිමය බලපෑම් කරන්නන් එක් කරමිනි. ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීමේ සම මුලසුන ශ්‍රී ලංකා සහ කැනඩා රජයන් පිළිවෙලින් නියෝජනය කරමින් අනුරාධ විජේකෝන් මහතා (අතිරේක ලේකම් – ජාතික භාෂා අංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය) සහ ලින්ඩා එරික්ස් මහත්මිය (උපදේශක (සංවර්ධන) සහ සංවර්ධන ප්‍රධානී, ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස්) විසින් දරනු ලැබීය. NLEAP හවුල්කාර ආයතන, ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ යාපනය විශ්වවිද්‍යාලය යන ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් ද රැස්වීමට සහභාගි වූහ. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ද ඊට එක් විය.
මයිකල් එම්බ්ලෙම් මහතා (ව්‍යාපෘති අධ්‍යක්ෂ – NLEAP) සිය පිළිගැනීමේ කතාවේදී සඳහන් කළ පරිදි, 2022 අවසානය දක්වා ව්‍යාපෘති සාර්ථකත්වයන් සහ සන්ධිස්ථාන සමාලෝචනය කිරීමට සහ ව්‍යාපෘතියේ අවසන් මාස හත සඳහා වැඩ සැලැස්ම අනුමත කිරීමට මෙම රැස්වීම අවස්ථාවක් විය. හවුල්කාර ආයතන අතර ගොඩනැගුණු ශක්තිමත් වැඩ සබඳතා පිළිබඳව එම්බ්ලෙම් මහතා සඳහන් කළේ ‘හවුල්කරුවන් අතර ඇති අවබෝධය මත මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමටත් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් හැකියාව ලැබී ඇති’ බවයි.
විජේකෝන් මහතා සිය දේශනය ආරම්භයේදී, NLEAP සහාය ඇතිව භාෂා අංශය අත්කර ගත් සැලකිය යුතු ප්‍රතිඵල කිහිපයක් විස්තර කරමින් එම්බ්ලෙම් මහතාගේ ප්‍රකාශ තහවුරු කිරීමට කටයුතු කළේය. ;
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගයේ නියෝජිතායතන ප්‍රතිඵල රාමුව
- ජාතික භාෂා අංශය (NLD) සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන ක්‍රියාකාරී සැලැස්ම
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සඳහා භාෂා පරිවර්තන සහ භාෂාණ පරිවර්තන
කළමනාකරණ සැලැස්ම - ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET) සඳහා කළමනාකරණ සැලසුම
- භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් සඳහා උපදේශක කමිටුවක් පිහිටුවීම (පනත)
- රාජ්‍ය විශ්වවිද්‍යාල හතරක පරිවර්තනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධීන් සම්බන්ධයෙන් සහාය වීම
- 1956 ඇමතුම් මධ්‍යස්ථානයේ සේවාවන් ‘පණිඩුඩ මධ්‍යස්ථානයක් හා ඇමතුම් සේවාවක් වශයෙන් යළි සක්‍රීය කිරීම හා පුළුල් කිරීම.
- භාෂා සැලසුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විවිධ පරිපාලන මට්ටම්වල (ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින්) රාජ්‍ය ආයතන 76ක් සමඟ සම්බන්ධ වීම.
සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා අමාත්‍යාංශයේ අඛණ්ඩ හා ප්‍රායෝගික සහය සහ මගපෙන්වීම ව්‍යාපෘති මෙහෙයුම් කමිටු සාමාජිකයින් වෙත සහතික කරමින් රාජ්‍ය අංශය තුළ භාෂා අයිතිය පිළිබඳ වැඩිවර්ධනය කළ හිමිකාරිත්ව හැඟීමක් ඇති කිරීමේ වැදගත්කම විජේකෝන් මයා අවධාරණය කළේය. ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රට පුරා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැනේඩියානු රජය NLEAP හරහා ලබා දෙන දැවැන්ත සහයෝගය’ පිළිබඳව ඔහු සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.
කොවිඩ් වසංගතය සහ ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් නිර්මාණය කරන ලද දුෂ්කර අභියෝග මධ්‍යයේ වුවද සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ භාෂා අයිතිය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා අතිරේක ලේකම්වරයාගේ සහ ව්‍යාපෘති මෙහෙයුම් කමිටු සාමාජිකයින්ගේ ඒකාබද්ධ ප්‍රයත්නයන් වෙනුවෙන් එරික්ස් මහත්මිය ස්වකීය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවාය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම මගින් ‘රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම, විවිධත්වය වැඩි වශයෙන් පෝෂණය කිරීම සහ අවසානයේ දිළිඳුකම අවම කිරීම සහ අවස්ථා ලබා දීම’ හරහා කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ජීවිතවල වෙනසක් ඇති කරනු ඇති බවට කැනඩාවේ ස්ථිරසාර විශ්වාසය බෙදා ගත්තාය.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් ලෙස NLEAP ව්‍යාපෘතිය නම් කළ එරික්ස් මහත්මිය භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කැනඩාවේ අත්දැකීම් උකහා ගැනීමට එමඟින් අවස්ථාව ලබාදෙන ලද බැව් පෙන්වා දුන්නාය. තාක්ෂණික හුවමාරු, ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමෙහිලා වැඩිදුර ආවර්ජනයන් සහ අදහස් උත්තේජනය කරනු ඇතැයි ඇය අදහස්කරන්නීය. කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් වේ යැයි අප සලකන මෙම විශේෂිත ක්ෂේත්‍රය වෙනුවෙන් මෙම ව්‍යාපෘතියට අරමුදල් සැපයීමට ලැබීම සතුටක් ” වන බව ඇය ප්‍රකාශ කළාය.
ව්‍යාපෘති සාර්ථකත්වයේ යතුර ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ඒකාබද්ධ කිරීම බැව් ද ඇය අවධාරණය කළාය. ජාතික භාෂා අරමුදලේ (NLF) මහඟු ප්‍රතිඵල පිළිබඳවද සඳහන් කිරීමටද කටයුතු කළ එරික්ස් මහත්මිය ජාතික භාෂා අරමුදල මඟින් හවුල්කාරීත්වයක් ඇති කර ගන්නා ප්‍රාදේශීය සිවිල් සමාජ සංවිධානවල ක්‍රියාකාරකම් හරහා සෘජුවම බලපෑමට ලක්වන සහ බලපානු ලබන බිම් මට්ටමේ ප්‍රජාවන් අගය කළාය.
NLEAP කණ්ඩායම විසින් 2022 දෙසැම්බර් දක්වා ව්‍යාපෘති සන්ධිස්ථාන සඳහා පෙන්නුම් කිරීම මෙන්ම 2023 ජූලි මාසයේදී ව්‍යාපෘතිය අවසන් වීමට පෙර සැලසුම් කර ඇති ප්‍රධාන ක්‍රියාකාරකම් ද ගෙනහැර දැක්වීමෙන් අනතුරුව දේශනය ආරම්භ විය. ජාතික භාෂා අංශයේ සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ක්‍රියාකාරකම් ඉදිරිපත් කළේ එම් තිරුනාවුකරසු මහතා (නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ) විසිනි. නියාස් රස්කින් මහතා (භාෂා ප්‍රතිපත්ති සහ ඉගැන්වීම් විශේෂඥ) රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සහ විශ්වවිද්‍යාල පිළිබඳව ඉදිරිපත්කිරීම් සිදුකරන ලදී. සාමා රාජකරුණා මහත්මිය (දේශීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා විශේෂඥ) ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීමට අදාළ සන්ධිස්ථාන සහ සැලසුම් බෙදා ගත්තාය.
ඉදිරිපත් කිරීම් ගෙනහැරපාමින් සිදු කරන ලද විවෘත සංසදය මඟින් ව්‍යාපෘති මෙහෙයුම් කමිටු සාමාජිකයින්ට සිය මතවාද, අත්දැකීම් සහ අදහස් එකිනෙකා සමඟ බෙදා ගැනීමට අවස්ථාව නිර්මාණය විය.
එරික්ස් මහත්මිය සිය දේශනය ආරම්භයේදී සඳහන් කළ පරිදි, NLEAP ව්‍යාපෘතියේ අවසානාත්මක අභිමතාර්ථය වන්නේ “ පිරිමින් සහ කාන්තාවන්ගේ ද්විභාෂා සේවා සඳහා ප්‍රවේශය වැඩි කිරීම සහ ශ්‍රී ලාංකීය පුරවැසියන්හට භාෂා අයිතිවාසිකම් පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දීම” වේ. මේ අභිමතාර්ථය සඵල කරගනු වස් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ව්‍යාපෘති මෙහෙයුම් කමිටු සාමාජිකයින් එක්ව කටයුතු කරනු ඇත.