
භාෂා ක්ෂේත්‍රයේ GEWE කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ දෙවන ජාලකරණ රැස්වීම
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සමඟ එක්ව භාෂා ක්ෂේත්‍රයේ GEWE කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් දෙවන ජාලකරණ රැස්වීම ආරම්භ කරන ලදී. ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ GEWE විශේෂඥ සාමා රාජකරුණා මහත්මිය විසින් පහසුකම් සපයන ලද මෙම සැසියට ජාතික භාෂා අංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය යන ආයතනයන්හි GEWE කේන්ද්‍රීය නිලධාරින් සම්බන්ධ විය.
GEWE කේන්ද්‍රීය නිලධාරින් උණුසුම් ලෙස පිළිගනිමින් ජාතික භාෂා අංශයෙහි චතුරි ජයතිලක විසින් ජාලකරණ සැසිය සඳහා සහභාගිවන්නන්හට ඔවුන්ගේ ආයතන තුළ තම භූමිකාවන් ඵලදායි ලෙස ආයතනගත කිරීමට සහ සක්‍රීය කිරීමට ගත හැකි පියවර සම්බන්ධයෙන් සහ ක්‍රියාකාරකම් ගවේෂණය කිරීමට නිත්‍ය සංසදයක් සපයනු ඇතිබවට අවධාරණය කරන ලදි.
රැස්වීමේ අරමුණු කඩිනමින් ගෙනහැර දක්වමින් රාජකරුණා මහත්මිය විසින් ද, පසුගිය ජාලකරණ රැස්වීමේදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ගය, භාෂා අයිතිවාසිකම් ලබා දීමේදී GEWE ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ හැඳින්වීම සහ අවසාන වශයෙන් යොමු කිරීමේ අනුදේශ වටා සාකච්ඡාව විහිද ගිය ආකාරය පිළිබඳව සඳහන් කරන ලදි. දෙවන ජාලකරණ රැස්වීමේදී සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන කරුණු කිහිපයක් ලෙස : ස්ත්‍රී පුරුෂ සමාජභාවී කේන්ද්‍රීය නිලධාරින්ගේ කාර්යභාරය ආයතනගත කරන්නේ කෙසේද යන්න, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (GBA Plus) පිලිබද මාර්ගගත පුහුණු මෙවලම, GBA Plus පිලිබද භෞතික විශ්ලේෂණ වැඩමුළුවේ දිනයන්, කාන්තා දිනය සඳහා ක්‍රියාකාරකම්, සහ ඉදිරි තාක්ෂණික හුවමාරු මෙහෙයුමෙහිදී සලකා බැලිය යුතු ක්ෂේත්‍ර යනාදිය දැක්විය හැකිය.
මාර්ගගත GBA Plus පුහුණු මෙවලම GEWE කේන්ද්‍රීය නිලධාරින්ගේ ඉමහත් ඇගයීමට ලක්වූ අතර GEWE සහ GBA Plus පිළිබඳ දැනුවත් කිරීම සඳහා එය විශිෂ්ට මෙවලමක් ලෙස දකිමින්, එම මෙවලම ඔවුන්ගේ සම සේවකයින් අතර බෙදා හැරිය හැකි ආකාරය ගවේෂණය කිරීමට ඔවුන්ගේ අවධානය යොමුවිය. මීළඟ ජාලකරණ රැස්වීම් ද්විත්වය ජාතික භාෂා අංශය විසින් මෙහෙයවනු ලබන බවට එකඟතාවයකට එළඹෙන ලදි. තම ආයතන තුළ GEWE ආයතනගත කිරීමට ගෙන ඇති ප්‍රායෝගික පියවර කිහිපයක් සම්බන්ධයෙන් අත්දැකීම් කණ්ඩායම් එකිනෙකා සමඟ බෙදා ගත්හ. ආයතන තුළ නව භූමිකාවන් තහවුරු කරන ලිපි, අදාළ ලේඛනවල පිළිබිඹු වන රාජකාරි වෙනස් කිරීම, ලේඛන වෙනස් කිරීම, දත්ත සමුදායන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශනයක් පිළිබිඹු කිරීම සඳහා පුහුණු කිරීම සහ කේන්ද්‍රීය නිලධාරින්ගේ භූමිකාවේ තිරසාර බව සහතික කිරීමේ පියවර පිළිබඳව සාකච්ඡා කරන ලදී.
කේන්ද්‍රීය නිලධාරින් අමතමින් ජාතික භාෂා අංශයේ අතිරේක ලේකම් අනුරාධ විජේකෝන් මයා GEWE ආයතනිකකරණය කිරීමේ උපාය මාර්ගය රටපුරා සාකල්‍ය ප්‍රවේශයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව දක්වා සිටියේය. GEWE ප්‍රධාන ප්‍රවාහයක් ලෙස සැලකීමේ සහ ඒ පිළිබඳව විශාල ශ්‍රාවක පිරිසක් වෙත දැනුවත් කිරීමේ වැදගත්කම හුවා දක්වමින් ඔහු රාජ්‍ය අංශය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාව කේන්ද්‍රීය නිලධාරීන් වැඩි පිරිසක් සමඟින් ජාලගතව වැඩකටයුතු කිරීමේ වැදගත්කම පිලිබඳව සඳහන් කළේය. ‘අපගේ සංවිධානයන් තුළ අපි GEWE පරිචය සිදු කරන්නේ කෙසේද?’ යන ප්‍රශ්නය සමඟින් ඔහු කේන්ද්‍රීය නිලධාරින්ට අභියෝග කළ අතර, ‘ඔබට වෙනසක් අවශ්‍ය නම් ඔබ ඇතුළතින් වෙනස් විය යුතු අතර අප පෙනී සිටින වෙනසට උදාහරණයක් විය යුතුය’ යනුවෙන් සඳහන් කළේය. අතිරේක ලේකම්වරයාගේ අවධානය යොමුවූ තවත් ක්ෂේත්‍රයක් වූයේ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, සහ සම්මතයන්ට අනුගත නොවෙන ලිංගික සමාජ භාවයන්ගෙන් යුත් සමරිසි (LGBTQ) ප්‍රජාවේ සාමාජිකයින්ට සේවය කිරීමේ ප්‍රශ්නයයි. මීලඟ කැනඩා තාක්ෂණික හුවමාරු මෙහෙයුම මඟින් කැනඩාව සමරිසි ප්‍රජාව (LGBTQ) සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය ගවේෂණය කිරීමට අවස්ථාවක් ලබා දී ඇති බවත් එමඟින් එම ඉගෙනුම් ලාංකීය සමාජය වෙත ස්වීකරණය කරගත හැකි බැව්ද ඔහු සඳහන් කළේය. ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුව ආදිය නොසලකා සැමට සමාන සේවාවක් සහතික කිරීමේ වගකීම රාජ්‍ය සේවකයන්ට පැවරී ඇති බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
NLEAP හි ව්‍යාපෘති අධ්‍යක්ෂ, මයිකල් එම්බ්ලෙම් මහතා කේන්ද්‍රීය නිලධාරින් අමතමින් සමූහය තුළ කර්තව්‍යයන්හි නියැලීමේ සහ කැපවීමේ මට්ටම පිළිබඳව ඔහු කෙතරම් පැහැදුණේද යන්න සම්බන්ධයෙන් සඳහන් කළේය. කේන්ද්‍රීය නිලධාරීන්හට සිය සංවිධාන තුළ තම භූමිකාවන් ආයතනගත කිරීම සඳහා ඒවායේ ධාරිතාව ගොඩනැගීම සඳහා NLEAP හි අඛණ්ඩ තාක්ෂණික සහාය ලබාදීම සම්බන්ධයෙන් ඔහු සහතික විය.
කේන්ද්‍රීය නිලධාරින් වෙනුවෙන් වන මීලඟ රැස්වීම මාර්තු මාසය සඳහා ස්ථිර කරන ලද GBA Plus භෞතික විශ්ලේෂණ පුහුණුවේදී පැවැත්වීමට තීරණය කරමින් රැස්වීම අවසන් විය.