භාෂා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාවය හා කාන්තා සවිබල ගැන්වීම (GEWE) යන අංශයන්හි අන්තර් ඡේදනය ග්‍රහණය කර ගැනීමට බිම් මට්ටමේ ප්‍රජාවන් සවිබල ගැන්වීම

කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රය (WERC) විසින් භාෂා පර්ෂද සඳහා සංවිධානය කරන ලද GEWE වැඩමුළුව

 NLEAP හි කඩිනම් ප්‍රතිචාර අරමුදල (RRF) ලබන කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රය (WERC) මෑතකදී මධ්‍යම පළාතේ භාෂා පර්ෂද සඳහා GEWE වැඩමුළු සංවිධානය කළේය. භාෂා පර්ෂද යනු බිම් මට්ටමේ ප්‍රජාවන් අතර භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා පුහුණු කරන ලද ප්‍රජා නායකයින්ගේ කණ්ඩායම් වේ.

භාෂාවන් හරහා විවිධ ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමෙහිලා භාෂා පර්ෂද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දිවයින පුරා පිහිටුවා ඇති භාෂා පර්ෂද ශක්තිමත් කිරීම, පුනර්ජීවනය කිරීම හෝ නව​ භාෂා පර්ෂද ආරම්භ කිරීම සඳහා ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP), ජාතික භාෂා අරමුදල (NLF) හරහා NLF හවුල්කරුවන්, උඩරට සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය (UPSAC), සංවර්ධන පහසුකම් සඳහා ශ්‍රී ලංකා මධ්‍යස්ථානය (SLCDF), මානව සංවර්ධන සංවිධානය (HDO), අම්පාර රාජ්‍ය නොවන සංවිධාන සම්මුතිය, Aaruthal (ආරුදල්), මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානය (CHRCD) සහ PALM පදනම විසින් සිදුකරන වැඩපිළිවෙළවල් සඳහා සහාය වී ඇත. භාෂා පර්ෂද හා NLF හවුල්කාර වැඩපිළිවෙළවල් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීම් ප්‍රවර්ධනය කිරීම, භාෂා අයිතීන් උල්ලංඝනය කිරීම් හඳුනාගෙන වාර්තා කිරීමේ හැකියාව ගොඩනැගීම සහ දෙවන භාෂා ඉගෙනීමට සහාය වීම දක්වා විහිදේ.

 WERC විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීකරණ වැඩසටහන්, භාෂාව කෙරෙහි ස්ත්‍රී පුරුෂ සමාජභාවමය බලපෑම පිළිබඳ බිම් මට්ටමේ දැනුවත්භාවය ගොඩනැගීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. GEWE සන්නද්ධ කිරීමේ සැසි සැලසුම් කර ඇත්තේ භාෂා පර්ෂදවලට භාෂා අයිතිවාසිකම් සහ GEWE අතර සම්බන්ධය අවබෝධ කර ගැනීමට හැකියාව ලබාදීමේ පැහැදිලි අරමුණ ඇතිවය. NLF හවුල්කරුවන් HDO, SLCDF, UPSAC සහ PALM පදනම සහ මෙම හවුල්කරුවන් විසින් සහාය දක්වන එක් එක් භාෂා පර්ෂදවලින් නියෝජිතයන් දෙදෙනෙකු වන පරිදි මධ්‍යම පළාතේ පැවති සිංහල සහ දෙමළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීකරණ සැසිවලට GEWE කේන්ද්‍රීය නිලධාරීන් සහභාගී වූහ. සිංහල භාෂා වැඩමුළුවේ GEWE සංරචකය (සහභාගිවූවන් 27 –  ස්ත්‍රී 22| පුරුෂ 5) සඳහා  NLEAP ස්ත්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා විශේෂඥ සාමා රාජකරුණා මහත්මිය විසින් පහසුකම් සපයන ලදී. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ සැසිය මෙහෙයවනු ලැබුවේ NLEAP නියෝජ්‍ය අධ්‍යක්ෂ මාරිමුතු තිරුනාවුකරසු මහතා විසිනි. දෙමළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීකරණ සැසිය (සහභාගිවූවන් 28 –  ස්ත්‍රී 23|පුරුෂ 5) මංගලා ශංකර් මහත්මිය විසින් මෙහෙයවන ලදී. අන්තර්ක්‍රියාකාරී දැනුවත් කිරීමේ සැසි සැලසුම් කර ඇත්තේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සහ විවිධ ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් භුක්ති විඳීමට ස්ත්‍රී පුරුෂ සමාජභාවය බලපාන ආකාරය පිළිබඳ වැඩි දියුණු කළ දැනුමකින් සහභාගිවන්නන් සන්නද්ධ කිරීම සඳහා ය. භාෂා පර්ෂද මගින් පවත්වනු ලබන වැඩසටහන් සහ පුහුණුව සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒකාබද්ධ කිරීමේ වැදගත්කම උද්දීපනය කර දැක්වීම කෙරෙහි සැසියේ වැඩි අවධානයක් යොමුවීය.

භාෂා පර්ෂද 69ක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවන් 150ක් සන්නද්ධ කිරීමට WERC විසින්  NLEAP සහ එහි NLF හවුල්කරුවන් සමඟ කටයුතු කරනු ඇත.ස්ත්‍රී පුරුෂ සමාජභාවය භාෂා අයිතීන් ඡේදනය කරන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධය, ස්වකීය අදාළ ප්‍රදේශයන්හි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ද්විභාෂික  ප්‍රජාවන් ගොඩනැගීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට භාෂා පර්ෂදවලට හැකියාව ලබාදෙනු නොඅනුමානය.

Spread the love