NLEAP පිළිබඳව

පසුබිම

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය යනු රජයේ ක‍්‍රියාකාරීන් විසින් ශ‍්‍රී ලංකා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා වසර 4.5 ක් වෙනුවෙන් සැලසුම් කරන ලද, කැනඩා රජය විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන කැ.ඩො.මිලියන 10.85 ක ව්‍යාපෘතියකි. භාෂාමය අයිතිවාසිකම්වලට, වඩාත් පුළුල් මානව හිමිකම් වලට සහ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාව සමානාත්මතාවට ප‍්‍රමුඛතාව දීම මගින් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, සියළු පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂාකර ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා රජයේ ඉලක්කයට සහාය වෙයි. ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සහ එයට අනුබද්ධිත ආයතන වන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ක‍්‍රියාත්මක කිරීම අධීක්ෂණය කරන පාර්ලිමේන්තු ආයතනය වන ජාතික භාෂා කොමිෂන් සභාව විසින් ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට සහාය ලබා දීම මගින් මෙය සාක්ෂාත් කර ගැනෙනු ඇත.

මෙයට පෙර කැනේඩියානු රජය විසින් අරමුදල් සම්පාදනය කරනු ලැබූ 2010 -2015 දක්වා වූ ජාතික භාෂා ව්‍යාපෘතියෙහි සාධනයන් මත ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය ගොඩ නැගේ. සියල්ලන්ම ඇතුලත් කර ගැනීම පුළුල් කිරීම උදෙසා භාෂා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම තුළින් ප‍්‍රතිසන්ධානය, ජාතික එකමුතුව සහ සාමය සහ ආරක්ෂාව පෝෂණය කිරීමට ශ‍්‍රී ලංකාවේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන් කැනඩාවේ කැපවීම එය නියෝජනය කරයි. ඒ හා සමානවම එය, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම තුළින් ව්‍යවස්ථානුකූල භාෂා අයිතිවාසිකම් ප‍්‍රගතිශීලී ආකාරයෙන් සාක්ෂාත්කරගැනීම කෙරෙහි සිය කැපවීම සඵලදායක ලෙස ප‍්‍රදර්ශනය කිරීමේ මාර්ගයක්ද ශ‍්‍රී ලංකා රජයට සපයයි. මෙම ව්‍යාපෘතිය කැනේඩියානු රජය නියෝජනය කරමින් ග්ලෝබල් ඇෆෙයාස් කැනඩා සහ ශ‍්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය අතර අත්සන තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුමක ප‍්‍රතිඵලයකි. 2018 අපේ‍්‍රල් මස අවසන් කරන ලද තරගකාරී ටෙන්ඩර් ක‍්‍රියාවලියක් හරහා මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ඇලීනියා ඉන්ටර්නැෂනල් වෙත ප‍්‍රදානය කරන ලදී.