ජාතික භාෂා සමානාත්මතා අභිවෘද්ධි ව්‍යාපෘතිය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් කැනේඩියානු ඩොලර් මිලියන 2ක දේශීය වශයෙන් පාලනය වන අරමුදලක් පරිපාලනය කරනු ඇත. වඩාත් හොඳ ප‍්‍රතිසන්ධානයක් කරා භාෂා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීම, සංස්කෘතික විවිධත්වයට ජාතික ශක්තියක් ලෙස වඩා හොඳ පිළිගැනීමක් සහ අගයකිරීමක් ලබා දීම සහ රාජ්‍ය භාෂාවන්ගෙන් සන්නිවේදනය කිරීම සඳහා වැඩිදියුණු වූ හැකියාවක් පුරවැසියන් සතු වීම වෙනුවෙන් මෙම සංවිධානය කාන්තා සහ යොවුන් කණ්ඩායම් ඇතුළුව විවිධ ශ‍්‍රී ලාංකික සංවිධාන වලට සහාය ලබා දෙනු ඇත. භාෂා සමාජ වල පාලනය ශක්තිමත් කිරීම, සිවිල් සමාජ සංවිධාන වල ධාරිතා වර්ධනය, සහයෝගයෙන් ක‍්‍රියා කළ හැකි සංවිධාන අතර සඵලදායක හවුල්කාරිත්වය සඳහා ආධාර කිරීම, භාෂා ඉගැන්වීම වැඩි දියුණු කිරීම, භාෂා අයිතිවාසිකම් සහ රජයේ වගකීම් පිළිබඳව පුරවැසියන් දැනුවත් කිරීම, විශිෂ්ට පරිචයන් ප‍්‍රචාරය කිරීම සඳහා ජාතික/ප‍්‍රාදේශීය සමුළු වලට සහාය වීම ඇතුළු මූලාරම්භයන් ගණනාවක් ඉටු කිරීමට මෙම අරමුදල බලාපොරොත්තු වෙයි.


අංක.5, ෆ්රැන්ක්ෆර්ට් පෙදෙස,
කොළඹ 04,
ශ‍්‍රී ලංකාව
අපව අමතන්න
© Copyright NLEAP 2019 - 2021 All Rights Reserved