උපායමාර්ග

ප‍්‍රධාන උපායමාර්ග (2018-2022)

ශ‍්‍රී ලංකා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදී ස්ථිරසාර හුවමාරුව, අවබෝධය සහ සුසංගත බව තහවුරු කිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන ගණනාවකට අමතරව අමාත්‍යාංශ සහ ආයතන ගණනාවක් ව්‍යාපෘතිය හරහා එහි නිරත කර ගැනෙනු ඇත.ඒ ආකාරයෙන්, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට වාර්ෂිකව වාර්තා කිරීම ඇතුළුව රට තුළ රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට දායක වන සියළු දෙනාටම ශක්තිමත් වගවීම් යාන්ත‍්‍රණයක් සහතික කිරීමට ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය දායක වනු ඇත.

භාෂා ප‍්‍රතිපත්ති උපායමාර්ග

ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය

සිය අනුබද්ධ ආයතන වන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මෙන්ම පාර්ලිමේන්තු ආයතනය වන රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සියල්ලන් ඇතුළත් කර ගන්නා ආකාරයෙන් සකස් කර ඇති ඔවුන්ගේ රාජ්‍ය භාෂා සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේදී සම්බන්ධීකරණය, පහසුකම් සැලසීම සහ සහාය දැක්වීම සඳහා තම ධාරිතාව ශක්තිමත් කර ගැනීම මගින් අමාත්‍යාංශය රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශිෂ්ටතා මධ්‍යස්ථානයක් බවට පත් වනු ඇත. පහත සඳහන් ප‍්‍රධාන අමාත්‍යාංශ සහ ඒවායේ ආයතන මගින් තෝරාගත් භූගෝලීය ප‍්‍රදේශ තුළ ගුණාත්මක රාජ්‍ය භාෂා සැලසුම් සකස් කර ක‍්‍රියාත්මක කිරීම සඳහා ද එය සහාය වනු ඇත.

  • ස්වදේශ කටයුතු අමාත්‍යාංශය: දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල සහ ද්විභාෂා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල
  • රාජ්‍ය පරිපාලන සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය : රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය, ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ පොලිස් ස්ථාන
  • සෞඛ්‍ය අමාත්‍යාංශය: තෝරාගත් රෝහල් සහ ප‍්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන
  • අධිකරණ අමාත්‍යාංශය: මහේස්ත‍්‍රාත් වරුන්, ශ‍්‍රී ලංකාවේ දිස්ත‍්‍රික් අධිකරණ සහ මහාධිකරණය
  • පළාත් සභා සහ පළාත් පාලන සහ ක‍්‍රීඩා අමාත්‍යාංශය: පළාත් සභා, පළාත් පාලන ආයතන

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව හරහා විශ්ව විද්‍යාල හතරක පරිවර්තනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධි වැඩසටහනක් ඇති කිරීමටද එහි හවුල්කාර විශ්ව විද්‍යාල වලින් එකක කථා පරිවර්තනය පිළිබද ඩිප්ලෝමා වැඩසටහනක් වැඩි දියුණු කිරීමට ද අමාත්‍යාංශය සහාය ලබා දෙනු ඇත.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL)

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය තුළ නියම කරනු ලැබ ඇති ඉලක්ක සපුරා ගැනීම තුළින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකාව තුළ සියළු පරිවර්තන සහ කථා පරිවර්තන සේවා වෙනුවෙන් වගකීම උසුලන පිළිගත් ආයතනය බවට පත් වනු ඇත.

පහත සඳහන් ක‍්‍රියාමාර්ග මගින් එය තමනට පැවරී ඇති සුවිශේෂී කාර්යභාරය ඉටු කිරීම සඳහා සිය ධාරිතාව වැඩිදියුණු කර ගනු ඇත: (i) සේවක සංඛ්‍යා තනතුරු වල කාර්ය මණ්ඩලය වැඩි කිරීම; (ii) වඩා හොඳ සේවාස්ථ පුහුණුව ලබා දීම; (iii) අතිරේක පරිවර්තන සහ කථා පරිවර්තන සම්පත් වැඩිදියුණු කිරීම; (iv) තමන්ට පැවරී ඇති වගකීම වඩාත් හොඳින් පිළිබිඹු කරන වැඩි කරන ලද පාලන/මෙහෙයුම් ව්‍යුහයක් ක‍්‍රියාත්මක කිරීම. පරිවර්තනය සහ කථා පරිවර්තනය වෙත වෘත්තීය සේවා තත්ත්වය ලබා දී එමගින් ඔවුන්ගේ තත්ත්වය ඉහළ නංවා වඩා හොඳ බඳවා ගැනීම, වඩා හොඳ වේතන සහ වඩා හොඳ සේවා නියුක්ති තත්ත්වයන් ඇතිකිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වඩා පුළුල් රජයත් සමග කටයුතු කරනු ඇත. ඩිජිටල් පරිවර්තන මධ්‍යස්ථානය, සියළු ශබ්ද මාලා සහ ශබ්දකෝශ මාර්ග ගතව සැපයීම සහ මධ්‍යම, පළාත් සහ ප‍්‍රාදේශීය කාර්යාලවල පරිවර්තන ක‍්‍රියාකාරකම් අධීක්ෂණය පිණිස තත්ත්ව පාලන ඒකකයක් ස්ථාපනය කිරීම මගින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පරිවර්තනවල ගුණාත්මකබව වැඩි දියුණු කරනු ඇත. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, විශ්ව විද්‍යාල හතරේ සැපයෙන පරිවර්තනය පිළිබඳ ශාස්ත්‍රෙව්දී උපාධි වැඩසටහනට ඇතුළත් කෙරෙන සිසුන් මෙන්ම කථා පරිවර්තනය පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනට ඇතුලත් වන සිසුන් වෙනුවෙන් ද සීමාවාසික වැඩසටහන් වෙනුවෙන් සත්කාරක ලෙස කටයුතු කරනු ඇත.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC)

තමනට පැවරී කාර්යභාරය ඉටු කිරීම සඳහා අති විශේෂිත ඒකක තුනක්; (i) රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පිළිබඳව ජනතාව දැනුවත් වීම සහ එයට අනුකූල වීම සහතික කිරීම සඳහා සන්නිවේදන සහ මාධ්‍ය (ii) දැනුවත්බව සහ අනුකූලතාව මැනීම සහ වැඩිදියුණු කිරීම සඳහා තේමාගත අධ්‍යයන සහ තක්සේරු (iii) පැමිණිලි කළමනාකරණය, විගණන සහ විනිසීම් ක‍්‍රියාවලිය ඇති කිරීම ඇතුළුවන සංවිධානමය ප‍්‍රතිව්‍යුහගත කිරීමක් තුළින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සිය පාලනය ශක්තිමත් කරනු ඇත. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය රජයේ ආයතන තුළ ක‍්‍රියාත්මක වීමේ තත්ත්වය, සැපයෙන සේවාවන් වල ගුණාත්මක බව, භාරගෙන අදාල කටයුතු සිදු කරන ලද පැමිණීලි, සේවාලාභීන්ගේ තෘප්තිමත් බව සහ ඉදිරි ක‍්‍රියාමාර්ග වෙනුවෙන් නිර්දේශ ඇතුළත් වාර්ෂික වාර්තාවක් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත. දැනට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය හරහා වාර්තාකරණය සිදු කරන රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, එයට වැඩි ස්වාධීනබවක් අත් කර දීමට හේතුවන පරිදි පාර්ලිමේන්තුට ඍජු වාර්තාකරණ මාර්ගයක් යෝජනා කරනු ඇත.

ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET)

රජයේ නිලධාරීන්ට සිංහල සහ දෙමළ භාෂා වලින් වැඩි දියුණු කරන ලද දෙවැනි භාෂා පුහුණුව ලබා දීම තුළින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය පිළිගත් භාෂා ඉගෙනුම් සහ පුහුණු ආයතනයක් බවට පත් වනු ඇත. මධ්‍යම වශයෙන් හා පළාත්වල දැනට පවතින මධ්‍යස්ථාන හරහා මෙන්ම භාෂා සමාජ වැනි වෙනත් එම කාර්යය පවරනු ලබන ස්ථාන හරහා ද එය භාෂා පුහුණුව සපයනු ඇති අතර කාන්තා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයට පවතින බාධක අඩු කිරීමට ක‍්‍රියාමාර්ගද ගනු ඇත. භාෂා පුහුණු සැලසුම් පිළියෙල කිරීම, පූර්ව ඇගයුම් සහ ස්ථානගතකිරීම් පරීක්ෂණ පැවැත්වීම, ප‍්‍රවීණතාවයෙහි වඩා ඉහළ මට්ටම් ස්ථාපනය කිරීම සහ භාෂා පුහුණුව වෙනුවෙන් නිලධාරීන් තෝරා ගැනීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ප‍්‍රධාන අමාත්‍යාංශ/ආයතන වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට තාක්ෂණික සහාය සහ උපදෙස් සපයනු ඇත. පාලනයේදී, කාන්තාවන්ගේ, භූගෝලීය ප‍්‍රදේශවල, වාර්ගිකත්වයෙහි සහ භාෂාවේ සමානුපාතික නියෝජනය ඇතුළුව ශ‍්‍රී ලාංකික සමාජයේ විවිධත්වයෙන් යුතු ස්වභාවය පිළිබිඹු කරන සාමාජිකයන් සහිත වඩාත් සඵලදායක කළමනාකරණ මණ්ඩල සහ ශාස්ත‍්‍රඥ මණ්ඩල, ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සහතික කරනු ඇත.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ මානව හිමිකම් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා උපායමාර්ගය

වඩාත් පුළුල් මානව හිමිකම් රාමුවක් සැලකිල්ලට ගනිමින් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය, රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය යෙදවීමේ සියළු අංග මුළුල්ලේම ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයට අදාල සැලකිල්ලට ගත යුතු කරුණු සහ අවස්ථා පිළිබඳ මනා විශ්ලේෂණය සහතික කරමින් ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයට සමානාත්මතාව කෙරෙහි දිගින් දිගටම විශේෂ අවධානය කේන්ද්‍රගත කිරීම සිදු කරනු ඇති අතර කැනඩාවේ ස්ත‍්‍රීවාදී ජාත්‍යන්තර සහාය ප‍්‍රතිපත්තියට පාදක වන ස්ත‍්‍රී පුරුෂ සමාජ භාව සමානාත්මතා ප‍්‍රතිඵල තුන මත වැඩිදියුණු කිරීම් සිදු කරනු ඇත:

  • කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය වැඩි කිරීම;
  • විශේෂයෙන්ම තිරසාර සංවර්ධනය සහ සාමයට අදාලව තීරණ ගැනීමේදී කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ සමාන සහභාගිත්වය වැඩි කිරීම;
  • අඛණ්ඩ ආර්ථික සහ සමාජයීය සමානාත්මතාව සුරක්ෂිත කර ගැනීමට කාන්තාවන්ට සහ ළමුන්ට අවශ්‍ය සම්පත් කරා වඩාත් සාධාරණ ප‍්‍රවේශය හා ඒවා මත වඩාත් සාධාරණ පාලනය ඔවුන්ට ලබා දීම.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා උපායමාර්ගය, ජාත්‍යන්තර ප‍්‍රඥප්ති වල දැක්වෙන ආකාරයට මානව හිමිකම් හා විශේෂයෙන්ම සමාජ සාධාරණත්වය සහ සේවා කරා ප‍්‍රවේශ වීමේදී වෙනස් ආකාරයෙන් සලකනු නොලැබීමට ඇති අයිතිය භුක්ති විඳීම මත දැඩි ලෙස පිහිටා තිබේ. සෞඛ්‍ය (රෝහල්, සායන, ප‍්‍රථම ප‍්‍රතිචාර දක්වන්නන්) අධිකරණ (උසාවි) සහ ආරක්ෂක (පොලීසිය) ඉදිරි පෙළ සේවාවන් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම සත්‍ය වේ. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස් ආකාරයෙන් සැලකීම සෑම සංස්කෘතියකම පැතිරී ඇත. ජාතික, පළාත්, දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශීය මට්ටම්වලදී ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය හා නිරත වන ශ‍්‍රී ලාංකික ආයතනවල නීති, ප‍්‍රතිපත්ති, ක‍්‍රියාපටිපාටි සහ පරිචයන්ට අදාල නිශ්චිත ලක්ෂණ කෙරෙහි එය අවධානය කේන්ද්‍රගත කරනු ඇත.

ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ (NLEAP)  ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා හා කාන්තාවන් සවිබලගැන්වීමේ උපාය මාර්ගය

භාෂා අයිතිය සියළු කාන්තාවන් හා පිරිමින් සතු මූලික අයිතිවාසිකමක් ලෙස ශ්‍රී ලංකාව පිළිගන්නා නමුත් වාර්ගිකත්වය මෙන්ම සමාජ තත්ත්වය මගින් ඇතිවන බලපෑම් අනුව සිය භාෂා අයිතිවාසිකම් භුක්ති විඳීමේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට හා පිරිමින්ට විවිධාකාර වූ අත්දැකීම් ඇත.

තම භාෂා අයිතිවාසිකම් භුක්ති විඳීමේදී කාන්තාවන් හා පිරිමින් අතර පවතින වෙනස, ප‍්‍රතිපත්ති සම්පාදනයේදි, ප‍්‍රතිපත්ති හා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී හා සේවා සැපයීමේදී සහභාගිත්වයට හා සේවා හා ප‍්‍රතිලාභ කරා ප‍්‍රවේශයට අදාලව අසමාන තත්ත්වයන් නිර්මාණය කරයි. මෙම අසමානතා බොහෝ විට තමන් තෝරාගන්නා භාෂාවකින් වැඩ කිරීම හා අන්තර් ක‍්‍රියා  කිරීම ප‍්‍රධාන සාධකයක් වන සියළු ක්ෂේත‍්‍ර  තුළ කාන්තාවන්ගේ පූර්ණ සහභාගිත්වයට හා ඔවුනට ඒ කරා ප‍්‍රවේශයට බාධා කරමින් කාන්තාවන් වෙනස් ආකාරයෙන් සලකනු ලැබීමට මග පාදයි. අධ්‍යාපනය හා පුහුණුව, ආර්ථික ක‍්‍රියාකාරකම් සහ ප‍්‍රතිලාභ (රැකියාවකට හා ස්වාධීන ආදායමකට ප‍්‍රවේශය ඇතුළුව), සෞඛ්‍ය ආරක්ෂණය හා පෝෂණය, පවුල් සේවාවන් හා සම්බන්ධ කරුණු (දේපළ, උරුමය හා විවාහය ඇතුළුව), සමාජ අසාධාරණයෙන් ආරක්ෂාව මෙන්ම ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාව මේවාට අයත් වේ. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට උදාසීන වැඩසටහන් හා සේවා සැපයුම අවසානයේ සිදුවන පරිදි ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි සංවේදී නොවන ප‍්‍රතිපත්ති සම්පාදනය හේතුවෙන් භාෂා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව සහ  කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අවබෝධය හා කේන්ද්‍රගත වීම නොමැති වීමෙන් මෙම අසාධාරණ ආකාරයේ වෙනස්කම් මූලිකවම පැන නගී.

NLEAP හි ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා හා කාන්තාවන් සවිබල ගැන්වීමේ උපායමාර්ගය බිහි වන්නේ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත බැඳීම් මෙන්ම ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රවර්ධනය කරන ජාතික හා ජාත්‍යන්තර සාධන පත‍්‍රවලට ඇති බැඳීම් පදනම් කරගෙනය. දරිද්‍රතාව අඩු කිරීම හා වඩාත් සියල්ලන් ඇතුළත් කරගන්නා සාමකාමී හා සෞභාග්‍යමත් ලෝකයක් ගොඩනැගීම සඳහා වඩාත්ම සඵලදායක ප‍්‍රවේශය ලෙස ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව ප‍්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සහ ගැහැණු ළමුන් සවිබල ගැන්වීමට උපකාර කිරීමට කැපවීම ඇතුළු අනෙකුත් බැඳීම් ඇතුළත් කැනඩාවේ ස්ත‍්‍රීවාදී ජාත්‍යන්තර සහාය ප‍්‍රතිපත්තියට (FIAP) බැඳීම් මගින් මෙම උපාය මාර්ගය ශක්තිමත් වී ඇත. ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් හා ගැහැනු ළමුන් සවිබල ගැන්වීම කැනඩාවේ ජාත්‍යන්තර සහාය ලබා දීමේ හර ක්ෂේත‍්‍රයක් ලෙස FIAP  දකී.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව කාන්තාවන් හා පිරිමින් සම්බන්ධයෙන් බව පිළිගන්නා NLEAP කාන්තාවන් හා පිරිමින් ඔවුන්ගේ භාෂා අයිතිවාසිකම් පූර්ණ ලෙස භුක්ති විඳීම කෙරෙහි බලපාන විවිධාකාර සමාජ සංස්කෘතික හේතු නිසා පිරිමින් හා කාන්තාවන් විසින් අත්දකිනු ලබන  කොන් කිරීමේ හා බැහැර කිරීමේ ගැටළු විශ්ලේෂණය කර, අවබෝධ කරගෙන, විසඳුම් සැපයීමේ අවශ්‍යතාව අගය කොට සලකයි. සමජාතීය කණ්ඩායමක් ලෙස මෙන්ම වාර්ගික, ආගමික හා සංස්කෘතික  පසුබිම්, ඔවුන්ගේ සමාජ ආර්ථික තත්ත්වය හා ඔවුන් ජීවත් වන භූගෝලීය ප‍්‍රදේශය හා ප‍්‍රජාව අනුව පැන නගින ඔවුන්ගේ විවිධත්වය අනුව ද පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් විශේෂයෙන්ම තවදුරටත් කොන් කිරීම හා බැහැර කිරීම අත්දකින බවද  NLEAP පිළිගනී. ශ‍්‍රී ලංකාව තුළ භාෂා අයිතිවාසිකම් සලකා බැලීමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාව  මානයන් හා කාන්තාවන් සවිබල ගැන්වීමේ ගැටළු පිළිබඳ අවබෝධය, සමානාත්මතාව කරා දෙආකාරයක ප‍්‍රවේශයක්, එනම් ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි නිශ්චිත කේන්ද්‍රගත වීම යොදා ගැනීමට NLEAP  පොළඹවයි.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීම ඉතා වැදගත් වන්නේ ව්‍යාපෘතියේ සියළු කාර්යයන් හා ක‍්‍රියාකාරකම් තුළට අයිතිවාසිකම් පාදක කරගත් කරුණු සම්පුර්ණ ලෙස සමෝධානය කිරීමට එය ආධාරක වන බැවිනි. ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා හා කාන්තාවන් සවිබල ගැන්වීමේ උපාය මාර්ගය පහත  දැක්වෙන ආකාරයට පියවර තුනක ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීමේ ක‍්‍රියාවලියක් අනුගමනය කරනු ඇත:

1 වැනි පියවර : ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් බැඳීම් යළි තහවුරු කිරීම හා ධාරිතාව ශක්තිමත් කිරීම

 ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීම යනු වෙනසක් ඇති කිරීමයි.  මෙහිදී අදාළ වන්නේ සියල්ලන් ඇතුළත් කරගන්නා පරිසරයක් නිර්මාණය කිරීම පිණිස හවුල්කාර සංවිධාන අයිතිවාසිකම් පාදක ගැටලු වලට විසඳුම් සපයන ආකාරය වෙනස් කිරීමට ඒවාට උපකාර කිරීමයි. භාෂා අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කිරිමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබලගැන්වීම ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීම සහතික කිරීම සඳහා තාක්ෂණික හා ආයතනික ධාරිතාව නැවත ප‍්‍රාණවත් කර යාවත්කාලීන කිරීම මෙම පියවරෙහි අරමුණ වේ.

 2 වැනි පියවර :  ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් බැඳීම් ආදේශ කිරීම හා  ධාරිතාව ශක්තිමත් කිරීම

රජයේ හා සිවිල් සමාජ සංවිධාන ඇතුළු හවුල්කාර සංවිධාන තම සංවේදීභාවයේ හා දැනුවත්බවේ මට්ටම්  නැවත ප‍්‍රාණවත් කිරීම මෙන්ම ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරීම සඳහා ඔවුන්ගේ ධාරිතා වැඩි දියුණු කිරිම සිදු කළ පසුව ඔවුන්ගේ අභ්‍යන්තර ප‍්‍රතිපත්ති, මූලධර්ම,සැලසුම් හා මාර්ගෝපදේශ ව්‍යාපෘති හා සේවා සැපයුම් ඇතුළු ක‍්‍රියාකාරකම් ක‍්‍රියාත්මක කිරීමේදී මෙම හැකියාවන් ආදේශ කර ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන්  සවිබලගැන්වීම ප‍්‍රධාන ප‍්‍රවාහගත කෙරෙන බව සහතික කිරීමට ඔවුන් සූදානම්ව සිටිනු ඇත. 2 වැනි පියවරේ ප‍්‍රයත්නයන් මෙම ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතා හා කාන්තාවන් සවිබලගැන්වීම සමෝධානය කිරීමේ ක‍්‍රියාවලියට සහ දැනට සිදු කෙරෙමින් පවතින මෙන්ම NLEAP සහාය ඇතිව සිදු කිරීමට නියමිත වැඩසටහන් හා ක‍්‍රියාකාරකම් තුළට ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම සමෝධානය කිරීමට සහාය සපයනු ඇත.

3 වැනි පියවර :  ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් බැඳීම් ආයතනගත කිරිම

3 වැනි පියවර, ක‍්‍රියාවලිය සම්පුර්ණ කිරීම හා හවුල්කරුවන් විසින් හවුල්කාර සංවිධාන තුළ අයිතිවාසිකම් පාදක කරුණක් ලෙස භාෂා අයිතිවාසිකම් වැඩසටහන් තුළට ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම පූර්ණ ලෙස ප‍්‍රධාන ප‍්‍රවාහගත කිරිම සලකුණු කරන අවසාන පියවර වේ. කෙසේ වෙතත්, සංවිධානය තුළ වෙනස්කම් හා ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රවර්ධනය කිරීම ආමන්ත‍්‍රණය කිරීමේ ක‍්‍රියාවලිය පවත්වා ගැනීම හා තිරසාර කිරීම අවශ්‍යය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රවර්ධනය කිරීම ආයතනගත කෙරෙන බව 3 වැනි පියවර අතරතුර ව්‍යාපෘති ක‍්‍රියාකාරකම් සහතික කරනු ඇත.

ස්ත‍්‍රී පුරුෂ සමාජභාව සමානාත්මතාව හා කාන්තාවන් සවිබල ගැන්වීමේ උපායමාර්ගය  NLEAP හි අවසාන ප‍්‍රතිඵලය වන ශ‍්‍රී ලංකාව මුළුල්ලේ දෙමළ හා සිංහල කථා කරන කාන්තාවන්ගේ හා පිරිමින්ගේ අඩු වූ දරිද්‍රතාව හා වැඩි දියුණු වූ ආර්ථික හා සමාජීය සමානාත්මතාව මෙන්ම අතරමැදි ප‍්‍රතිඵල වන ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී  ද්විභාෂා රාජ්‍ය සේවාවන්හි ශක්තිමත් සඵලදායකත්වය, තම රටේ සංස්කෘතික විවිධත්වය හා ද්විභාෂාමය ස්වභාවය ශ‍්‍රී ලාංකික පිරිමින් හා කාන්තාවන් අතර වැඩියෙන් පිළිගනු ලැබීම හා කාන්තාවන් සවිබල ගැන්වීම ප‍්‍රවර්ධනය කරන ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ආකාරයෙන් රජයේ ක‍්‍රියාකාරීන් විසින් ශ‍්‍රී ලංකා රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය වඩාත් ශක්තිමත්ව ක‍්‍රියාත්මක කිරීම කෙරෙහි කේන්ද්‍රගත වේ.